මා ගිය ප්‍රියතම චාරිකාව
මා ගිය සහ යන්නට කැමතිම චාරිකාව ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්යයෙන් පිරි ඉතා අලංකාර නගරයක් වන මහනුවර නගරයයි. අලංකාරයෙන් හෙබි ස්ථානවලින් කිහිපයක් එම නගරයේ පවතිනවා යැයි මම විශ්වාස කරමි. පසුගියදා මහනුවර ගිය අවස්ථාව ලස්සන සිහිනයක් මෙන් මාගේ මනසේ සිතුවම් වෙයි. අපි සිටිනා ගම මහනුවරට බොහෝ දුර නිසා කොළඹට ගොස් මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරියේ අසුන් ගෙන ඒහි ගියෙමු.
අපි පළමුවෙන්ම බුදු රජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කොට ඇති දළදා මාලිගාව වන්දනාමාන කිරීමට ගියෙමු. ඉන් පසු මහනුවර නගරයේ පිහිටා ඇති පූජනීය පුරාණ දේවාල වන නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සතර මහා දේවාල වන්දනා කළෙමු. ලංකාවේ නුදුරින් වන මහවැලි ගඟ ගලාබසින්නේද මහනුවර නගරයෙන් වන අතර අපි එය ද නරඹා මහවැලි ගඟෙන් නෑ වෙමු.
ඉතා ප්‍රණීත ආහාරවලින් සමන්විත අවන්හලක් කිහිපයක්ම තිබේ.
සෞම්‍ය දේශගුණයක් සහිත මහනුවර නගරයේ පිහිටා ඇති මහවැලි ගඟෙන් මායිම් වී ඇති පේරාදෙණි රාජකීය උද්භිත උද්‍යානය නැරඹීමට ගියෙමු. එහි මල්ගොමු අතර සිහිල විදිමින්, විවිධ ගහ කොළ නරඹමින් ස්වාභාවික පරිසරයේ සිහිල් බව විඳගතිමු.
දිල්ෂි සශ්‍රීකා, 12 වසර
බෞද්ධ බාලිකා ජාතික පාසල, කිරිමැටියාන.
කළු මාමා
කළු මාමාගෙ බයිසිකලේ
ට්‍රිලිං ට්‍රිලිං ට්‍රිලිං
කළු මාමා දර අදිනවා
බයිසිකලේ හති අරිනවා
රත්තිගෙ කිරි ටික අරගෙන
කළු මාමාගෙ බයිසිකලේ
ට්‍රිලිං ට්‍රිලිං ට්‍රිලිං
ඩිනෝ නෙයෝමිත්
3 ශ්‍රේණිය ‘බී‘,
දොඩන්ගොඩ මධ්‍ය විද්‍යාලය,
දොඩන්ගොඩ.
කෙත් යාය
කඳු මුදුනෙන් ඔමරි පපා
හිරු කුමරා එයි රැස් විහිදා
කුඹුරේ වක්කඩේ දිය ගලනා
අයුරු බලමි ගීත ගයා
නැමී ගොයම් සුළඟට
ගලා ජලය පහළට
වක්කඩ ළඟ තරගෙට
මාළු නටති හැඩයට
පී. ටී. ගිත්මි කවිරන්දි, 5 ශ්‍රේණිය,
වැයිහේන කණිෂ්ඨ විද්‍යාලය,බද්දේගම.
රන් හිරු
සියුමැලි කුළු ජල දහරක්
ගස් අතරින් පෙරී ඇවිත්
මුළු ලෝකය එළිය කරත්
ඒ රන් හිරු එළිය තමයි…
අලුයම හිරු මල් පිපෙන්න
කුරුල්ලන්ට ගී ගයන්න
පුංචි අපට ඉගෙන ගන්න
වෙලා හිරු එළිය කියයි…
ගොවි කම්කරු වෙහෙස ගෙනන
දහඩිය පොළොවට හලන්න
නපුරු නොවන මැනවිනි
හිරු කුමරිනි, දයාබර…
දිනිදු මනෝද්‍ය, 8 ශ්‍රේණිය,
වේල්ස් කුමර විදුහල, මොරටුව.
සදා නමදිමු
ලොවට එළිය ලබාදෙන හිරු කිරණ ද සඳ කිරණ ද මෙන් ආදරණීය පිය පදවිය ද උත්තරීතරය. බුදුරජාණන් වහන්සේ ද මවුපියන්ගේ අගය සඳහන් කොට ඇත. වචනයෙන් කිව නොහැකි සෙනෙහසක් ඔවුන් සතුව ඇත.
අපි මවුපියන්ට හැමවිටම ආදරය කරමු. කරුණාව දක්වමු. සමාජය ආරක්ෂා කිරීමට පුරුදු වෙමු. ලේ කිරි කර අපට පෝෂණය ලබාදෙන මව ද, දාඩිය මහන්සියෙන් මුදල් උපයා ආහාරපාන ලබාදෙන පියාට අපි හැමවිටම ආදරය කරමු. අප මෙලොව එළිය දුටුවේ ඔවුන් නිසාය.
සදෙව් අභිෂේක් 7 – ඒ ශ්‍රේණිය,
විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල.
වන විනාශය නවතමු
අධික වනාන්තර විනාශය නිසා පරිසරය තුළ අප සැම අනාථ වී ඇත. එමෙන්ම කාලගුණ මෙන්ම දේශගුණ වෙනස්වීම් ද විශාල ලෙස එයට බලපායි. අප සැම වන සම්පත සුරැකීමට පියවර ගත යුතුය. වෘක්ෂ රෝපණය කිරීම, නිදහස් භූමි ආරක්ෂා කිරීම, වාරිමාර්ග ආරක්ෂා කිරීම සහ පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතා කිරීම ආදි දේ අපට කළ හැකිය.
පරිසරය සුරකිනවිට අනාගත පරපුරට නිරෝගී හා තෘප්තිමත් පරිසරයක් අත්කර දීමට අපට හැකිවේ. වන සම්පත සුරැකීමෙන් පරිසරය, ජෛව විවිධත්වය සහ අපගේ ජීවිත යහපත් කර ගැනීමට හැකිවේ.
එම්. එන්. එම්. සහීල් 7 ශ්‍රේණිය,
බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසල,
පොල්ගහවෙල
අම්මා
අම්මා අපට ආදරෙයි.
අම්මා අපට බත් කවයි
අම්මා මගේ ලස්සනයි
මං අම්මට ආදරෙයි….
ශෂ්යා අනුරාවී, 1 ශ්‍රේණිය බී,
පන්නල ජාතික විද්‍යාලය, පන්නල
රෑ අහස හරි ලස්සනයි
ඉර බැස ගිය පසු රාත්‍රිය උදා වෙි
රාත්‍රී අහසේ හද තරු ග්‍රහ ලෝක චන්ද්‍රිකා සහ නිශාචර සතුන් ද අපට දැකිය හැකිය.
රාත්‍රී අහසේ තරු රටාද දැකිය හැකිය.
පෝය දිනට පායන පුර සඳ මුළු අහසම ආලෝකමත් කරයි.
රාත්‍රී අහස ඉතා ප්‍රියකරු වේ.
රෑ අහසට මම හරි ආසයි
පී. ඒ. සනුජ් සුලෝචන
3 බී ශ්‍රේණිය,
මාරපොල ප්‍රාථමික විද්‍යාලය,
දෙවලපොල.
මගේ ආදර මවුපියෝ
කුසට අහරක් නොමැතිව ඔබ මා පැතුවේ
අපමණ දුක් විඳ එදා මා මෙලොවට බිහි කෙරුවේ
ලේ කිරි කර පොවා මගේ බඩ පිරවූවේ
මගේ ලොවේ රැජන ඔබයි මගෙ අම්මේ
අපමණ වෙහෙස වී ධනය උපයලා
‘මගේ දෝණි’ කියා මා උකුලේ තියා
විටෙක තාත්තෙක් විටෙක යාළුවෙක් වෙලා
මට දී නිදහස ඔබ මාව හැඩකළා
‘මගේ දෝණි’ කියා මා උකුළේ තබා
නැළවූවා කවි කිය කිය ඔබ මා
බත් ගුළි කර කර කැවුවා මතකයි
ඔබයි තාත්තේ මගේ ලොවේ රජා
ඩබ්ලිව්.එච්. තරණි නෙලුෂා ප්‍රේමසිරි,
6 ශ්‍රේණිය, මහසෙන් ජාතික පාසල, නිකවැරටිය.
ලිටිල් හෙවන් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය
බටුවන්දර ජඹුරලිය ලිට්ල් හෙවත් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා පැවැත්වුණි. එහිදි පෙර පාසලේ සිසු දරු දැරියන් ඉදිරිපත් කළ රංගන අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ. පෙරපාසල් පාලිකා ගීත්මා පසන්ති සමරතුංග හා උපමාලිකා ගුණසේකර විසින් මෙය සංවිධානය කළ අතර මෙම අවස්ථාවට ප්‍රවීණ ලේඛිකා තනුජා අයගම ඇතුළු
අමුත්තෝ රැසක් සහභාගි වුහ.