Home » බණ්ඩාරගම කොළඹ බස් ධාවනය වැඩි කර දෙන්න

බණ්ඩාරගම කොළඹ බස් ධාවනය වැඩි කර දෙන්න

by Mahesh Lakehouse
January 11, 2025 12:27 am 0 comment

බණ්ඩාරගම කොළඹ මාර්ගයේ බස් ධාවනය අඩු කමින් මගී ජනතාව ඉතාම ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ. උදෑසන විවිධ කාර්යයන් සඳහා කොළඹට පැමිණෙන මගීන්ට ප්‍රමාණවත් බස් රථ සේවාවක් නොමැති බැවින් සුඛෝපභෝගී බස් රථවල පවා පොල් පැටවූවා සේ මගීන් ගමන් කිරීම සුලබ දසුනකි. මෙම බස් රථවල මුදල් දෙගුණයකින් අය කරන්නේ අදාළ සීට් ගණනට මගීන් ගෙන යාමට වුවද උක්ත තත්ත්වය හමුවේ දෙගුණයක් ගෙවා හෝ මෙම සේවාව ලබා ගැනීමට මගීන් පෙළඹී සිටිති. අනෙක් අතට මෙම සුඛෝපභෝගී ලේබලය යට­‍ෙත් ධාවනය වන බස් රථවල ඒසී නොමැති අතර සීට් කැඩී බිඳී ධාවනයට නුසුදුසු මට්ටමේ පවතී. මේ සියලු අවහිර විඳ ගැනීමට ජනතාවට සිදුව තිබේ.

කාලයක පටන් අගනාගරික ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙම ප්‍රදේශවල පදිංචි වීමත් සමඟ එතෙක් පැවති බස් සේවය ප්‍රමාණවත් නොවීමද මීට හේතුවී තිබේ. මේ තත්ත්වය සලකා බලා විවිධ අවස්ථාවල බස් රථ වැඩි කිරීමට උත්සාහ ගත්තද හිටපු දේශපාලන හිතවතුන්ගේ බස් රථවල බලපෑම හේතුවෙන් බස් වැඩි කිරීම ගැටලුවක් බවට පත්ව තිබේ.

බණ්ඩාරගම පිළියන්දල බස් සේවයක් පවතින අතර එම සේවය ලබා ගැනීම මෙහිදී එක් විකල්පයක් වුවද කොළඹට පැමිණෙන මගීන්ට එය අමතර වියදමකි. අමතර කාලයක්ද වැය වේ.

හොරණ කොළඹ බස් රථ සේවය මෙන් බණ්ඩාරගම කොළඹ බස් රථ සේවයක් පමණක් ක්‍රියාත්මක කරන්නේ නම් මෙම ප්‍රශ්නයට කඩිනම් විසිඳුම් සැලසෙන බව මගීන්ගේ අදහසය. එවිට අමුතුවෙන් නව බස් රථ යෙදවීමට අවශ්‍ය නොවන අතර පවතින බස් සේවයම ඒ සඳහා යොදාගත හැකිය. එවිට පිළියන්දල බස් නැවතුම් පළේ බස්රථ ගාල් කිරීමේ ගැටලුවද විසඳී යයි.

මෙමඟින් පාසල් දරුවන්, කොළඹ සේවය සඳහා එන මඟින් මෙන්ම අක්ෂි සායන, දන්ත සායන හා වෙනත් ප්‍රතිකාර සඳහා කොළඹ මහරෝහලට පැමිණෙන ජනතාවට මහත් සෙතක් සැලසෙති.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ යටතේ මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරන්නේ නම් බහුතර ජනතා ප්‍රසාදය රජයට හිමි වෙනවා නොවනුමානය.

ආර්. නන්දසේන – බණ්ඩාරගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division