“Godrej Sri Lanka” සිය මෙහෙවර තුළ සුවිශේෂී පියවරක් තබමින් සහ සමාගමේ ගෝලීය උපාය මාර්ග සහ ශී ලංකාවේ අනාගත වර්ධන සැලසුම් ඉදිරියට ගෙන යෑමේ අරමුණ ඇතිව සිය නවීනතම වෙබ් අඩවිය ඉකුත් දා එළි දැක්වීය. මෙම නවීන වේදිකාව ගෝලීය තත්ත්වවලට අනුව යමින් සන්නිවේදන ක්රියාවලිය වැඩි දියුණු කිරීමට මෙහෙයුම් කාර්යක්ෂමතාව කාර්යක්ෂම කිරීමටත් දායකත්වය දක්වනු ඇත.
Godrej Sri Lanka නවීනතම වෙබ් අඩවියෙන් ශ්රී ලංකාව තුළ ප්රමුඛතා සහ දේශීය වෙළෙඳපොළට දක්වන දායකත්වය සහ කැපවීම පෙන්නුම් කෙරෙනු ඇත. අලුත් පෙනුමකට එහා යමින් Godrej Sri Lanka සමාගම සිය වෙබ් අඩවිය තුළින් ශ්රී ලංකාවේ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්රී ලංකාව තුළ ක්රියාකාරිත්වය පැවැත්ම ශක්තිමත් කර ගැනීමට ද මෙමඟින් බලාපොරොත්තු වේ.
මෙම නවතම වෙබ් අඩවිය Godrej Sri Lanka සහ සිය හවුල්කරුවන්/ගනුදෙනුකරුවන් සහ පාරිභෝගිකයන් සමඟ සුවිශේෂී සම්බන්ධයක් ගොඩනඟනු ඇත.