ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ දැවැන්තයකු සහ කාබන් ශූන්‍යතා සහතිකලත් මෙරට එකම ඇඟලුම් කර්මාන්තශාලා ජාලය වන Star Garments සමූහය, පසුගියදා පැවැති 32 වැනි ජාතික අපනයනය වාණිජ මණ්ඩල සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය.
ජාතික අපනයන වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උලෙළේ මෙවර තේමාව වූයේ, නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය වැලඳ ගැනීම’ යි.
2023 වසරේ ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වූ විවිධ වෙනස්වීම් හමුවේ මතුවුණු නොයෙක් අභියෝග මධ්‍යයේ Star Garments සමූහය මෙවන් ජයග්‍රහණයක් අත්කර ගැනීම විශේෂයෙන් කැපී පෙනේ. එහිදී අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව තුළ තම ආයෝජන තවත් පුළුල් කළ Star Garments සමූහය, කොළොන්න මැනුෆැක්චරින් පුද්ගලික සමාගම මිලදී ගැනීමත් සමඟ මෙරට තුළ සිය ඇඟලුම් කර්මාන්තශාලා ජාලය 12ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය.