Home » අලි මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් ජනතා අදහස් විමසයි

අලි මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් ජනතා අදහස් විමසයි

by chanaka
February 27, 2025 11:37 am 0 comment

මොනරාගල දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම පාලනය කර ගැනීමට කෙටිකාලීන සහ ස්ථීරසාර විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (26) පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ය.

මෙම සාකච්ඡාව සඳහා රජයේ නිලධාරීන්, ගම්වාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා නව රජය මගින් විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර 2025 නව අයවැය යෝජනාවලියේ දී මේ සඳහා විශාල මුදලක් වෙන් කර තිබේ. මෑතක දී නව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතයෙන් නව එල්ලෙන අලිවැටක් ද වීරවිල ප්‍රදේශයේ දී ඉදිකෙරුණි.

වනඅලි සහ මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා කඩිනම් ප්‍රායෝගික සහ විද්‍යාත්මක විසඳුම් ලබා ගැනීමේ අදහසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

වනඅලි ගම්වැදීම හේතුවෙන් සහ වගා හානි සිදු කිරීම සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ මෙහි දී
අවධානය යොමු වූ අතර මෙම ගැටලුව පාලනය කිරීමට නව රජයේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division