Home » ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අරඹයි

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අරඹයි

by chanaka
March 2, 2025 9:07 am 0 comment

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය සිදු කළ ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර ඇත.

ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් 28වැනි දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතය.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර ලංසු භාර ගැනීම පෙරේදා දහවල් 12.00 වන තෙක් පැවැත්වුණු අතර ලංසු විවෘත කිරීම රාත්‍රී 8.00 දක්වා සිදු කර තිබුණි.

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයන් 199 දෙනෙක් පමණ එක්ව සිටි බව සඳහන් වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division