මේෂ – ව්‍යාපාර අංශ දියුණුවට
සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. වෙළෙඳ ව්‍යාපාර හවුල්කරුවන් සමඟ කරන ගනුදෙනුවලට සුබඵල ගෙනදෙයි. ගෘහ ජීවිතය තුළ ගැටලු අවම කරයි. සිතුවිලි වෙනස් වේ. විදෙස්ගමන් සපල වීමට හැකියාව පෙන්වයි. කනගාටුදායක පුවත් හෝ ඇසුරු කරන කෙනෙකු සමඟ සිත් රිදීමක් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් හිත හදා ගැනීමට ඔබට සිදුවේ. අපල අවම වීමට මෛත්‍රී භාවනාව කරන්න.
සුබ අංක – 6, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – අඟහරුවාදා, බදාදා
වෘෂභ – යුග දිවිය සාමකාමී වේ
සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. සතුරු කරදර තිබුණේ නම් ඒවා අවම වී තම වැඩකටයුතු කර ගැනීමට වීර්ය උපදවයි. යුග දිවිය සාමකාමී වේ. ව්‍යාපාර සහ විදෙස්ගමන්වලට සුබපල ගෙන දෙයි. සේවකයන් සමඟ කථා බහේදී හැකිතාක් ඉවසිලිවන්තව ඔවුනට කරුණු පහදා දෙන්න. සාමාජීය සහ පොදු වැඩවලදී ද කතාබහ අඩු කරන්න. අපල අවම වීමට කරඳ පැළයක් සිටුවන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – බදාදා, සිකුරාදා
මිථුන – දූ දරුවන්ගේ දක්ෂතා
සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම සියලු යහපත් බලාපොරොත්තුවලට සුබ සතියකි. ප්‍රමාද විවාහ රැකියා ආදියට කැඳවීම් ලැබේ. සුළු අනතුරු හෝ ලේ දෝෂ මතුවිය හැකිය. සෞඛ්‍ය තත්වය පිළිබඳ උනන්දුවන්න. සාමාජීය කටයුතු, පුණ්‍ය කටයුතු ආදියට නියැළීමේ අවස්ථා ගෙන දෙයි. අපල අවම වීමට කුඩා දරුවන්ට රැකවරණය දෙන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කටක – ගෘහ අලංකරණ කටයුතු
සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නට සිදුවේ. මවගේ සහයෝගය හිමිවෙන අතර මව සමඟ වැඩ කිරීමේදී ඇගේ සිත් නොරිදෙන සේ කටයුතු කිරීම වැදගත් වේ. එය සිත තබාගන්න. සතුරු කරදර අවම වේ. දරුවන්ගේ දියුණුවට යම් මෙහෙවරක් ඉටුකරයි. කුඩා දරුවන්ට අපල තත්වයක් පවතින බැවින් ආරක්ෂා කරන්න. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා
සිංහ – අතපසු වූ වැඩ යළි අරඹයි
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. පදිංචි ස්ථානයේ අතපසු වූ වැඩ යළි අරඹයි. ස්වයංරැකියා දියුණුව, සහජ දක්ෂතා මතු කරයි. පවුලේ බැඳීම් වර්ධනය වේ. මවගේ සිත දිනා කටයුතු කිරීම අවශ්‍යයි. මේ සතියේ ඔබට වචන වැරදීමට ඉඩ තිබේ. බුද්ධිමත් වන්න. දේපළ සහ ගෘහ ජීවිතය පිළිබඳව සාමකාමීව සිතන්න. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා
කන්‍යා – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබට සුළු හෝ මහ ලාභයකට හිමිකම් පෙන්වන අතර වචනයේ ප්‍රියමනාප බව නිසා සුහදතාවය වර්ධනය වේ. තෙවන දිනයේ තරමක් ප්‍රවේශමෙන් කථාබහට යොමුවන්න. ඒ අන්‍යයන්ගේ සිත් රිදීම් ගෙනදිය හැකි බැවිනි. අවසාන දින වනවිට ඔබට වැඩිහිටි, ගුරුවර, පූජක ආදීන්ගේ අවවාද, අනුශාසනා අසන්නට ලැබෙයි. සුබ පණිවුඩ, සුබයින්ගේ ඇසුර ලැබේ. අපල අවම වීමට කුඩා දරුවන්ට ආදරය කරුණාව දක්වන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කහ, කොළ / සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා
තුලා – මිශ්රඵල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ ලග්නය, දෙවැන්න හා තුන්වැන්න හරහාය. පොදු සාමාජීය හෝ පුණ්‍ය කටයුතුවලට සහභාගිවීම් සහ සුහද මිතුරු මුණගැසීම් දක්නට ඇත. මිල මුදල් ලාභ එතරම් සතුටුදායක නොවිය හැකි බැවින් කරන කියන රැකියා හා ව්‍යාපාර පිළිබඳ වැඩිදුර අවධානයක් යොමු කිරීම වැදගත් වේ. තුන්වන දිනය වන විට සතුටුදායක වේ. සිතෙහි ප්‍රීතිය උපදී. ප්‍රිය සම්භාෂණ හෝ එවන් අවස්ථාවලට ආරාධනා ලැබේ. අපල අවම වීමට මෝර පිරිත, සූර්ය පිරිත කියන්න.
සුබ අංක – 4, 7 / සුබ වර්ණ – ළා නිල, සුදු / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා
වෘශ්චික – විදෙස් ගමන් සාර්ථකයි
සඳු ගමන් කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය තරමක් දුරට බුද්ධිමත්ව කටයුතු කරන්න. පාඩු හෝ දුර ගමනක් යෙදෙන්නට පුළුවන. විදෙස් ගමනක් නම් එය සුබ වනු ඇත. ඔබගේ රැකියා, ව්‍යාපාර සම්බන්ධව ඉවසීමෙන් යුතුව වැඩ කරගෙන යන්න. තර්ක විතර්කවලට නොයන්න. ලාභ ප්‍රයෝජන ලැබීමේ ප්‍රවණතාවක් පෙන්වයි. දරුවන්ගේ දක්ෂතා සතිය අවසානයේ අසන්නට ලැබේ. අපල අවම වීමට පංච ශීලය රකින්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණය – රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු – දරුවන්ගේ බලාපොරොත්තු ඉටුවේ
සඳු ගමන් ගන්නේ 11, 12, ලග්නය මතිනි. සතිය ආරම්භයේ ඔබට හිත මිතුරු ඥාති කවරෙකුගෙන් හෝ වෙනත් මාර්ගයකින් හෝ ලැබීම් සහිත බවක් දක්නට ඇත. එහෙත් ඒ අතරතුර ඔබගෙන් මුදල් ඉල්ලා කෙනෙක් අමනාපවීමට ද ඉඩ ඇති බැවින් ඒ පිළිබඳවත් සිතන්න. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවීමේ ඉඩකඩක් පෙන්වයි. අපල අවම වීමට සිතුවිලි වෙනස් නොකර ස්ථිර නිගමනයක සිටින්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කහ, සුදු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, බදාදා, බ්‍රහස්පතින්දා
මකර – දේපළ ගැටලු විසඳේ
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර සම්බන්ධව උනන්දු වීමෙන් ඔබට මේ සතියේ ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමේ ඉඩක් ඇත. ගේ දොර දේපළ ගැටලුවක් සාමාන්‍ය තත්වයකට විසඳේ. පා ඇඟිලි හෝ පිටි පතුල් පිළිබඳ වේදනා ඇතිවිය හැකි බැවින් කලබලයට වැඩ කරන්නට නොයන්න. දරුවන්ගේ අරමුණු සපල වන සතියකි. අපල අවම වීමට සුදු, නිල් මල් පූජා කරන්න. රතන සූත්‍රය කියන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – සුදු, රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කුම්භ – පුණ්‍ය සිතුවිලි සහිතයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේ පුණ්‍ය කටයුත්තකට සහභාගි වීමේ ඉඩක් ඇත. රැකියා කරන ස්ථානයේ වුව පුණ්‍ය සිතුවිලිවලට මුල පුරයි. එහෙත් ඇසුරු කරන අයෙක් නිසා සිත් රිදීමක් ඇතිවිය හැකියි. ලැබීම් සහිතයි. දරුවන්ට ද යහපත්ය. ගෘහ ජීවිතය සාමකාමීය. අපල අවම වීමට රෝගීන්ට උදව් කරන්න.
සුබ අංක – 3, 7 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මීන – කීර්ති, ප්‍රශංසා හිමිවේ
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවතක් සැලවිය හැකි නමුදු ඉන්පසු දින කිහිපය යහපත්ය. පුණ්‍ය සිතුවිලි ඇති කරන ගමන් බිමන් වැඩි රැකියා ස්ථානයෙන් ලාභ ප්‍රයෝජන හිමිවන බව පෙනේ. සමහරවිට ඔබට ප්‍රශංසා, කීර්ති හිමිවේ. ඒ සමඟ ඒරාෂ්ටක තත්වයක පසුවන බැවින් සුළු අනතුරු, සිත් රිදීම්, අසනීප මතුවිය හැකිය. අපල අවම වීමට බෝ මළුව පිරිසිදු කර බෝධි පූජා තබන්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණය – කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා