Sun Siyam Pasikudah හෝටලය තම කාර්ය මණ්ඩල සාමාජිකාවන් අගයමින් පසුගිය මාර්තු 08 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට එක් විය. කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කේක් නිර්මාණයක් ද සකස් කර තිබූ අතර, විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කර තිබුණි. එහිදී මෙරට සංචාරක කර්මාන්තය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් හෝටලය මඟින් ලබාදෙන දායකත්වය ගැන විශේෂයෙන් ඉස්මතු කෙරුණි.
මෙරට ජනගහනයෙන් අඩකට වඩා පිරිසක් කාන්තාවන් වුවද, සංචාරක කර්මාන්තයේ නියැළී සිටින කාන්තාවන්ගේ ප්‍රමාණය 10%කටත් අඩු ප්‍රතිශතයකි. ජාත්‍යන්තරය තුළ සංචාරක ව්‍යාපාරයේ කාන්තා නියෝජනය 50% ඉක්මවා තිබියදී ශ්‍රී ලංකාව තුළ එය තවමත් ඉතා අවම මට්ටමක තිබීම සැලකිල්ලට ගත යුතු කරුණකි.