ජපානයේ ටෝකියෝහි පැවැති Japan prize International Television Competition Award හි අවසන් වටය සඳහා තේරුණු ලොව හොඳම අධ්‍යාපනික වැඩසටහන් යෝජනා 6 අතරට එක්වන්නට ඇයට හැකි වන්නේ ඩයලොග් හිමිකාරීත්වය සහිත Headstart Pvt. ltd ආයතනය නියෝජනය කරමින් රටවල් 60ක් සමඟ තරග කරමිනි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගයට සහභාගී වූ ප්‍රථම සහ එකම කාන්තාව වන්නේ ද ඇයයි. ඇය නමින් විනූෂා කිරිවන්දෙණියයි. අන්තර්ජාතික වශයෙන් සම්මානිත Hello from the otherside සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඇය අද අප හා එක්වන්නේ තම කුලුඳුල් සිනමා නිර්මාණය ගැන කතා කිරීමේ අදහසිනි.
Hello from the otherside කියන්නේ ලංකාව පාදක කරගත් සිනමාපටයක්. බටහිර පන්නයේ නමක් දාන්න හිතුවෙ ඇයි?
Hello from the otherside කියලා නම දැම්මෙ සිනමාපටයේ නිෂ්පාදක විජේන්ද්‍රන් වොට්සන්. මේක ලංකාවේ සිදුවීමක් පාදක කරගෙන ලංකාවේ නළු නිළියන් යොදාගෙන ලංකාවේම රූගත කළ සිනමාපටයක්. විජේන්ද්‍රන් දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත සිනමාකරුවෙක්. මෙහි ෂෝර්ට් ස්ටෝරි එක විජේගේ. එය වැඩිදියුණු කර තිරරචනය කරමින් අධ්‍යක්ෂණය කළේ මං. හොලිවුඩ් ප්රේක්ෂකාගාරයටත් ගැළපෙන විදිහට ලංකාවේ සිනමාපටයක් කරන්න ඔහුට අවශ්‍ය වුණා.
Hello from the otherside ප්‍රේක්ෂකයාට යම් පණිවුඩයක් දෙන්න උත්සාහ කරනවා කිවුවොත්?
ඔව්. මේක ප්‍රධාන වශයෙන් වෛද්‍යවරයෙක්, හෙදියක් සහ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටා ගෙතුණු කතාවක්. විශේෂයෙන්ම මෙහි කතාවෙන්නේ ඖෂධ මාෆියාව වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අකටයුතුකම් ගැන. පුද්ගලයකුගේ පෙනුමෙන්, හැසිරීමෙන් එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරීත්වයෙන් ඔහුගේ නියම ස්වරූපය මනින්න බෑ කියන එකත් මෙමඟින් කියවෙනවා. ඒ වගේම තවත් විශේෂ පණිවුඩයක් දෙනවා. කෙනෙක් මැරුණට පස්සේ සිරුරෙන් ඉවත්වන ආත්මය ඉන් පසුව ක්‍රියා කරන්නේ ඒ පුද්ගලයා ජීවත්ව සිටියදී කළ කී හොඳ නරක මත බව මෙහි කියැවෙනවා. විශ්වය මඟින් අපි හැමෝටම යම් පණිවුඩයක් එවනවා. ඒ හරහා සොබා දහමයි අපියි අතර යම්කිසි සම්බන්ධයක් ගොඩනැඟෙනවා. විශ්වයේ පණිවුඩය හරි විදිහට ගත්තොත් අපේ ජීවිත යහපත් වනවා වගේම වැරැදි විදිහට ගත්තොත් අපේ ජීවිත අවුල් වෙනවා කියන එක වගේම පුංචි කාලෙ මවුපියන්ගෙන් ලැබෙන හොඳ හෝ නරක ආදර්ශ දරුවන් ඉදිරියට අරගෙන යනවා කියන පණිවුඩයත් දෙනවා.
Hello from the otherside සිනමාපටයට ආකර්ෂණීය නිමාවක් දෙන්නත් ඔබ උපක්රමශිලී වෙලා නේද?
ඔව්. අපි කලර් ටෝන් එකේ ඉඳන්, ෂොට් කරන පැටර්න් එකේ ඉඳන්ම යම්කිසි ස්ටෑන්ඩඩ් එකක පවත්වාගන්න උත්සාහ කළා. නිර්මාණය සඳහා ශිල්පීන් 40ක් විතර සම්බන්ධ වුණා. ඔවුන් හැමෝම සිනමාව ගැන යම්කිසි දැනුමක් අවබෝධයක් තිබුණු අය වීම නිසාම ප්රවීණයන්ගේ උපදෙස් ලබා ගත් අවස්ථාත් තිබුණා. ප්‍රවීණයන් සහ නවකයින් යන දෙගොල්ලම දායකවන නිර්මාණ වඩාත් සාර්ථකයි කියන තැනක තමයි මං ඉන්නෙ. ප්රවීණයන්ගේ අත්දැකීම් සහ ක්ෂේත්රය ගැන හැදෑරීමක් කළ නවකයින්ගේ ටෙක්නික්ස් එකතු වුණහම ඒ නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන්.
ඕනෙම සිනමාපටයක සාමාන්‍යයෙන් මුලින්ම කලර් පැලට් එකක් හදනවා. සම්පූර්ණ චිත්‍රපටයට එක වර්ණ තේමාවකුත් චරිතයෙන් චරිතයට වෙන වෙනම වර්ණත් භාවිත කළා. ඒ වගේම සංකේත භාවිතය පිළිබඳවත් පොඩි අත්හදා බැලීමක් කළා. මෙහි එකම ගීතයක්වත් නැහැ. මේක ඩ්‍රාමා ශානරයේ වැඩක් නිසා ඔන් ලොකේෂන් සවුන්ඩ්ස් පමණක් යොදා ගැනීමත් විශේෂත්වයක්.
සිනමාපටයේ සාර්ථකත්වයට දායක වූවන් ගැන කතා කළොත්?
අධ්‍යක්ෂණය සහ තිරපිටපත මගේ. කතා සංකල්පය සහ නිෂ්පාදනය විජේන්ද්රන්ගේ. ඕඩියෝ සවුන්ඩ්ස් මිතුන් කරුණාතිලක. ඔන් ලොකේෂන් සවුන්ඩ්ස් විතරක් භාවිත කිරීම ලේසිපහසු වැඩක් නොවෙයි. එක සීන් එකකට ඔහු මයික් 16ක් පාවිච්චි කළ අවස්ථාත් තිබුණා. ලොකු කාලයක් යන වැඩක් වගේම වියදමත් ඉහළයි. ඔහු ගැන විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඒ වගේම ප්‍රඩක්ෂන් ඩිසයිනින් පැත්ත ගත්තත් විෂුවල් නීට් එක හොඳටම තිබුණා. ලක්මාල් සඳරුවන් සහ හර්ෂ පෙරේරා ඒ වෙනුවෙන් ලොකු සහායක් දුන්නා. හැම ෆ්‍රේම් එකකම ලොජික් එකක් වගේම තේරුමක් දෙන්නත් ඔවුන් උත්සාහ කරල තිබුණා. අනිත් එක තමයි ලොකේෂන්. මේක හොලිවුඩ් ප්‍රේක්ෂකාගාරය සඳහා විවෘත නිර්මාණයක් නිසා නෙට්ෆ්ලික්ස්, ඇමේසන් ප්‍රයිම් වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් ඉලක්ක කරගත්තා කිවුවත් හරි. අපේ රට ගැන සුන්දර ප්‍රතිරූපයක් මවන්නත් මට ඕන වුණා. මේන් ලොකේෂන් එකට ගත්ත රංගල එස්ටේට් එකේ සුපිරින්ටන් බංගලාව ආකර්ෂණීය තැනක්. එය නිර්මාණයක් සඳහා යොදාගත් පළමු අවස්ථාවත් මේක. අනෙක් ලොකේෂන් සඳහාත් රිච් ලුක් එකක් තියෙන තැන් තෝරගන්නත් උනන්දු වුණා.
ඔබේ ප්රයත්නය සාර්ථක කරමින් Hello from the otherside මේ වනවිටත් අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබලා තියෙනවා නේද?
ඔව්. Indian Independent Film Festival හි Best International Feature Film Award වගේම කැලිෆෝනියාවේ IndiefFEST Film Award හි තරග අංශ දෙකක් යටතේ හොඳම ආසියාතික සිනමාකරුවා සහ හොඳම ආසියාතික තේමාව සඳහා ජූරියේ විශේෂ සම්මාන හිමි වුණා. ඒ වගේම ඉන්දියාවේ women’s Bioscope A Globel Rolling Film Festival In India සහ Manchester lift of film festival උලෙළට නිර්දේශ වෙලා තියෙනවා.
මෙය මේ වන විටත් ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සූදානම් නේද?
ඔව්. ලංකාවේ විශේෂ මාධ්‍ය දර්ශනයක් තිබුණා. මේ වසරේ තිරගත කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. මාර්තුවල ඉන්දියාවේ ප්‍රදර්ශනයට නියමිතයි. අප්‍රේල් සිඩ්නි සහ මෙල්බර්න්වල ප්‍රදර්ශනය වෙනවා. තවත් රටවල් කිහිපයකටම ඉල්ලලා තියෙනවා.