ලංකා බැංකුව, 2025 SLIM Kantar ජනතා සම්මාන උලෙළේදී ‘වසරේ ජනතා බැංකු සේවා සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන, මෙරට වඩාත් කීර්තිමත් සම්මාන උලෙළක් වන SLIM Kantar ජනතා සම්මාන උලෙළ, ජනතාවගේ කැමැත්ත සෘජුව ම පිළිබිඹු කරන සම්මාන උලෙළක් වන අතර, ප්‍රමුඛතම ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන Kantar විසින් සිදු කරනු ලබන ස්වාධීන සමීක්ෂණයක් හරහා මෙහි ජයග්‍රාහකයින් තෝරා ගැනීම විශේෂත්වයකි.
ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව සමඟ ශක්තිමත් සබඳතා ගොඩ
නංවා ගනිමින්, ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් ලබාදීම වෙනුවෙන් කැපවන සන්නාම හඳුනාගෙන
ඇගැයීම මෙම සම්මාන උලෙළේ විශේෂත්වය යි.