Home » ජනපති මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියයි

ජනපති මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියයි

by chanaka
March 22, 2025 8:49 am 0 comment

තමා මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (21) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඔහු මෙහිදී කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කිරීමටත් පියවර ගන්නා බවත්ය.

“අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බෙනවා මන්ත්‍රීවරයාගෙන්. ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බෙනවා. මම අද ලියුමක් දුන්නා මන්ත්‍රී විශ්‍රාම වැටුප් මට එපා. පටන් ගන්න ඕනේ මේ රට හදන්න. ඇත්තටම මම දැනන් හිටියේ නෑ එහෙම හම්බෙනවා කියලා පස්සේ තමයි දැනගත්තේ එහෙම හම්බෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා මට විශ්‍රාම වැටුප එපා කියලා.

ඒ වගේම මන්ත්‍රීවරයා ඇමති වෙනකොට මන්ත්‍රී වැටුපත් හම්බෙනවා ඇමති වැටුපත් හම්බෙනවා. අපි තීරණයක් ගත්තා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි. හැබැයි මන්ත්‍රී වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් ලැබෙනවා. මන්ත්‍රී වැටුපේ තෙල් දීමනාවත් අයින් කරලා අපි දෙන්නේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අයින් කරනවා. ජනාධිපති වරප්‍රසාද පනතත් සංශෝදනය කරනවා”

මේ අතර ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පස්වරුවේ සම්මත විය.

අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 159 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division