අපරාධකරුවන් සහ අධිකරණවලින් වරදකරුවන් බවට පත් කරන පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු හා ඔවුන්ගේ මුහුණේ ඡායාරූප ඩිජිටල්කරණය කිරීමට පොලීසිය මේ වන විට ගෙන ඇති පියවර නිසා අපරාධකරුවන් ක්ෂණිකව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වන වටපිටාවක් උදා වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් සිළුමිණට පැවසීය.
මේ අනුව අපරාධකරුවන් සහ අධිකරණවලින් වැරදිකරුවන් වන පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු දස ලක්ෂයක් පමණ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය මඟින් ඩිජිටල්කරණය කරගෙන යන අතර, ඒ අපරාධකරුවන් නිවැරදිව හඳුනාගැනීම සඳහා ඔවුන්ගේ මුහුණේ ඡායාරූපද ඩිජිටල්කරණය කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ.
කිසියම් අපරාධයක් වූ සැණින් ඒ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් කිසිවකු විසින් හඳුනාගන්නේ නම් හෝ අදාළ අපරාධය සිදු කිරීමට, මීට පෙර අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් හවුල් වී ඇත් නම් ඔවුන්ගේ ඡායාරූප හා ඇඟිලි සලකුණු ඔස්සේ අපරාධකරුවන් පිළිබඳ තොරතුරු හෙළි කරගැනීමට හැකි වනු ඇති බවද ඒ නිලධරයා පෙන්වා දුන්නේය.