Home » ගිලුණු නැව් හරහා සංචාරක ආකර්ෂණය වැඩි කෙරේ

ගිලුණු නැව් හරහා සංචාරක ආකර්ෂණය වැඩි කෙරේ

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරය අපට වාණිජ කටයුතු සඳහා මෙන්ම ධීවර කටයුතු හා සංචාරක කර්මාන්තයටද බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම කොරල්පර මෙන්ම තල්මසුන් ඇතුළු විවිධ මත්ස්‍ය වර්ග නැරඹීමට එන විදෙස් සංචාරකයන්ට අපේ වෙරළ තීරයන් හා නොගැඹුරු මුහුදු තීර බෙහෙවින් වැදගත් ය.

විශේෂයෙන්ම මීට වසර කිහිපයකට පෙර නොගැඹුරු මුහුදේ ඩබල් ඩෙකර් වාහන රැසක් මුහුදේ ගිල්වන ලද්දෙ කොරල්පර වර්ධනය පිණිසය.

කොළඹට නුදුරු මුහුදු ප්‍රදේශයන්හිද ගිලුණු නෞකාවන් රැසක් තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වී ඇති ඓතිහාසික වශයෙන් වැදගත් නෞකා සුන්බුන් ආවරණය කිරීමේ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් පසුගිය සතියකට ආසන්න කාලයක් සිදු කරන ලදී.

ඒ අනුව, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ මුහුදුබත් වී ඇති Coal Wreck, Chief Dragon Car Carrier, MV Astoria, MT Nilgiri, Thermopylae Sierra, MV Pecheur Breton, Taprobane East Wreck, SS Worcestershire, Toilet Barge, SS Perseus සහ තවත් හඳුනා නොගත් මුහුදුබත් නෞකාවක සුන්බුන් මේ වන විට පිහිටා ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසය මඟින් ආවරණය කෙරිණි. මෙම ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයේදී විශේෂ සමීක්‍ෂණයට භාජන කරන ලද නෞකා සුන්බුන් සියල්ල ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක වටිනාකමක් සහිත නෞකා සුන්බුන් වන අතර, ඉන් SS Worcestershire සහ SS Perseus යන නෞකා පළමු ලෝක සංග්‍රාමයේදී මුහුදුබත්වී ඇති නෞකාවන්ය.

Chief Dragon Car Carrier සහ Thermopylae Sierra නෞකා සුන්බුන් මේ වන විට කොරල්පර බවට පරිවර්තනය වී මත්ස්‍ය අභිජනන අඩවියක් සහ සමුද්‍රීය ජීවීන් සඳහා ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කර ඇත. මේ අභ්‍යාසය සඳහා කිමිදුම් නිලධාරීන් දහහතර දෙනෙකු සහ කිමිදුම් නාවිකයන් පහළොස් දෙනෙකු සහභාගී වූහ. මෙම කිමිඳුම් ගවේෂණාත්මක අභ්‍යාසයේදී අදාළ නෞකා අධීක්ෂණයට අමතරව නාවික හමුදා කිමිදුම් අංශයේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීමත්, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක වටිනාකමක් සහිත නෞකා සුන්බුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමත් සහ ඒතුළින් කිමිදුම් සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමත් අපේක්‍ෂා කරන ලදී.

විශේෂයෙන්ම ඉදිරියේදී කිමිදුම් කෙරෙහි ආසාවක් හා උනන්දුවක් ඇති සංචාරකයන්ට නව මංපෙතක් උදාකරලීමට මේ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාස මහත් පිටිවහලක් වනු ඇත.

පළමු යුද සමයේ ගිලී ගිය නෞකා­වක්

පළමු යුද සමයේ ගිලී ගිය නෞකා­වක්

නාවික නිල­ධා­රීන් කිමි­දුම් කට­යු­තු­වල නියැ­ළෙ­මින්

නාවික නිල­ධා­රීන් කිමි­දුම් කට­යු­තු­වල නියැ­ළෙ­මින්

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division