52
දකුණු කොරියාවේ මේ වන විට (26දා) පැතිරෙමින් තිබෙන ළැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 24 දෙනකු මියගොස් ඇති බව කියැවේ. මේ ලැව්ගින්න එරට ගිනිකොන දෙසින් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව පැවසේ. එරට වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ පවසා තිබෙන්නේ මෙම ගින්න කොරියානු ඉතිහාසයේ දරුණුතම ළැව්ගින්න ලෙස නම් කළ හැකි බවයි. බෞද්ධ මධ්‍යස්ථාන ඇතුළු උයිසොං නගරයේ වසර 1300 ක් පැරණි ගවුන්සා දේවාලය ද ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වෙයි.