ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, ප්‍රථම වරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කිරීම පසුගියදා සිදු විය.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන මෙමඟින්, තොරතුරු තාක්ෂණ දෘඩාංග නිෂ්පාදනයේ නැඟී එන බලවේගයක් ලෙස ස්ථානගත කරමින්, නවෝත්පාදනය, ගුණාත්මකබව සහ විශිෂ්ටත්වය සඳහා EWIS හි කැපවීම ජාත්‍යන්තර වේදිකාව තුළ විද්‍යාමාන කරයි. ආයෝජන මණ්ඩලයේ (BOI) 17 වන වගන්තියෙන් අනුමත කරන ලද සමාගමක් ලෙස, EWIS මෙරට පළමු සහ එකම දේශීය පරිගණක නිෂ්පාදන කර්මාන්තශාලාව සූරියවැව ස්ථාපිත කර තිබේ.
EWIS Colombo සමාගමේ සභාපති, සංජීව වික්‍රමනායක මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ පැවසූයේ, “මෙම සුවිශේෂී සන්ධිස්ථානය EWISහි අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වනවා. අපේම දක්ෂතාව, හැකියාව සහ ආත්මවිශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරග වදිමින්, ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට හැකි වීම අපට ආඩම්බරයක්…” යනුවෙනි.