HNB FINANCE PLC ‘සියලු කාන්තා දැරියන්ගේ අයිතිවාසිකම් සහ සමානාත්මතාවන් සවිබල ගන්වමු…” යන මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව තවදුරටත් අරුත් ගන්වමින් සිය සමාගමේ කාන්තා සේවක මඬුල්ල ඇගැයීමට ලක් කළේය.
HNB FINANCE හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය නාවල පිහිටි කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති අතර මේ සඳහා HNB FINANCE කාර්ය මණ්ඩල විශාල පිරිසක් සහභාගී වූහ. ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මෙම සැමරුම් උළෙලට සමගාමීව සැමරුම් උත්සව සංවිධානය වූ අතර ප්‍රධාන කාර්යාලයීය වැඩසටහන සදහා ශාඛා කාර්ය මණ්ඩලයද සජීවි ලෙස සම්බන්ධ කර ගැනිණි. මේ තුළින් ඔවුන් ඇගැයීමට සහ පරිසරය තුළ ඔවුන් වෙත ලබා දිය හැකි දායකත්වය පිළිබඳ දැනුවත් කිරීමද සිදු විය.