ලොව පුරා ගොවිබිම් වැඩි වැඩියෙන් අලි වාසස්ථාන බවට පත්වීම සුලභ බව ගෝලීය ගොවි ජනතා මතයයි. බොහෝ විට අලි ඇතුන් භවභෝග මත සිය පැවැත්ම සරි කරගැනීම, අලි ඇතුන්ගේද මිනිසුන්ගේද ජීවිත පැවැත්ම අභියෝගයට ලක් කර ඇත. මේ තත්ත්වය තුළ, කෙන්යාවේ, දශක ගණනාවක විමර්ශනයකින් පසු, පර්යේෂකයන් අලි ඇතුන් පැමිණීම වැළැක්වීම සඳහා සරල නමුත් බුද්ධිමත් විසඳුමක් ඉදිරිපත් කර ඇත. ඒ අලි අතුන් ගොවිබිම් වෙතට පැමිණෙන මඟෙහි වැටවල මී මැසි පෙට්ටි සවි කිරීමයි. මෙය හුදෙක්ම මෘදු සහ ඵලදායි පිළියමක් බව ඔවුන්ගේ මතයයි. එමෙන්ම මේ මාදිලිය ස්වාභාවික යන්ත්රණය මත පදනම්ව ඇති අතර, එමඟින් අලි ඇතුන් ගොවිපොළවල් හෝ ගම්දනව් කරා පැමිණීම වළක්වා ගත හැකි බව ස්ථිර බව කෙන්යානු පර්යේෂකයන් පවසා තිබේ.
කෙන්යාවේ මී මැස්සන්ගෙන් අලි පාඩමක්
115
previous post