Home » බෞද්ධ සම්මේලනයෙ‍් සේවා ප්‍රවර්ධන වැඩමුළුවක්

බෞද්ධ සම්මේලනයෙ‍් සේවා ප්‍රවර්ධන වැඩමුළුවක්

by mahesh
September 16, 2023 12:30 am 0 comment

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික සමාජ සේවා මණ්ඩලය මඟින් පාලනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසවල සිටින පාලක සභා නිලධාරීන් සහ සාමාජිකයින් උදෙසා අරමුදල් රැස් කිරීම්, සේවා කටයුතු ප්‍රවර්ධනය කිරීම් වැඩමුළුවක් බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ඉකුත්දා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයෙකු වූ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ප්‍රවීණ අලෙවිකරණ දේශක පී.පී පෙරේරා, විශ්‍රාමලත් විගණකාධිපති ගාමිණී විජේසිංහ, මහජන බැංකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(විශ්‍රාමික) වසන්ත සිල්වා සහ මහා භාරකාර නීතිඥ ගිහාන් පිලපිටිය විසින් දේශන පැවැත්වූ අතර සම්මේලනය මඟින් සංස්කරණය කරන ලද නව පාලක සභා රෙගුලාසි පොත ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස පාලක සභා වෙත ලබාදීම සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division