Home » ලේක්හවුස් දීර්ඝ සේවා සම්මාන ප්‍රදානය

ලේක්හවුස් දීර්ඝ සේවා සම්මාන ප්‍රදානය

by mahesh
September 16, 2023 12:37 am 0 comment

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ආයතනයේ දීර්ඝ සේවා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ලේක්හවුස් ආයතනයේදී සැප්තැම්බර් 14 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙය පැවැත්වූවේ වසර 4කට පසුවය.

මෙම උලෙළේ ප්‍රධාන අමුත්තා වශයෙන් මහාමාර්ග, ප්‍රවාහන සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන එක්වූ අතර ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන දියත් විය.

මෙහිදී ලේක්හවුස් ආයතනයේ අනාගතය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ සේවකයන් පස්දෙනෙකුට දීර්ඝ සේවා උපහාර තිළිණ පිරිනමන ලදී. මෙසේ දීර්ඝ සේවා උපහාර තිළිණ ලබාගත් අය අතර වසර 29ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙන කර්තෘ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව්.ඒ.ආර්.පී. විජයලත්, නඩත්තු දෙපාර්තමේන්තුවේ වසර 28ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙන එච්.ඒ. නන්දසේන, මහනුවර ශාඛා කාර්යාලයේ කේ.එස්. කුමාර, මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ එම්.වී.පී. විජේවීර සහ එන්.බී.ඒ.එල්.අයි. නාමරත්න මෙහිදී ඇගයීමට ලක්විය. (එම සම්මානලාභීන් ලේක්හවුස් අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට එක්වූ අයුරු ඉහත වම්පස ඡායාරූපයෙන් දැක්වේ.)

එමෙන්ම වසර 51ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙන සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ බෙන් රොච්ට උපහාරය ද පිරිනැමිනි.

මෙම උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ 2021 වසරේ විශිෂ්ටතම ජනමාධ්‍ය‌ෙව්දීන් ලෙස විශිෂ්ටතා සම්මානලත් ලේක්හවුස් ආයතනයේ සම්මානලාභීන්ට ද ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් මෙහිදී සුබ පැතුම් පිරිනැමීය. එම සම්මානලාභීන් ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සහ සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න සමඟ සමූහ ඡායාරූපයකට එක්ව සිටි අවස්ථාව මැද ඡායාරූපයෙන් දැක්වේ.

ඉහත දකුණුපස ඡායාරූපයෙන් දැක්වෙන්නේ විශිෂ්ටතම ජනමාධ්‍ය‌ෙව්දී සම්මානලාභීයකු වූ සිළුමිණ කර්තෘ මාණ්ඩලික සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් රචිත නවතම කෘතිය වන ‘දිය සිත්තම්’ හි මුල් පිටපත මහාමාර්ග, ප්‍රවාහන සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත එහිදී පිරිනැමූ අන්දමය. ‘දිය සිත්තම්’ ග්‍රන්ථය එම කතුවරිය විසින් රචිත 17 වැනි නවකතාවය.

මෙම අවස්ථාවට ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ප්‍රවීණ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි, නීති සහ පරිපාලන අධ්‍යක්ෂක නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂක නීතිඥ මංජුල මාකුඹුර, මූල්‍ය අධ්‍යක්ෂක ආචාර්ය සුනිල් නවරත්න, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, දිනමිණ කර්තෘ මනෝජ් අබයදීර, ඩේලි නිවුස් කර්තෘ ජයන්ත ශ්‍රී නිශ්ශංක, තිනකරන් කර්තෘ දේවදාසන් සෙන්තිවෙල්ලර්, සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ ප්‍ර‌ෙමා්ද් ද සිල්වා ඇතුළු ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ම එක්ව සිටියහ.

 

 

 

ලේක්හවුස් දීර්ඝ සේවා සම්මාන ප්‍රදානය, පුවත්පත් විශිෂ්ටතා 2021 සම්මානලාභීන් ඇගැයීම සහ සුරේකා නිල්මිණීගේ නවතම ග්‍රන්ථයේ මුල් පිටපත පිළිගැන්වීමේ අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති අාචාර්ය බන්දුල ගුණවර්ධනයන් එක් වූ අවස්ථාව (ඡායාරූප :- චින්තක කුමාරසිංහ / රුක්මාල් ගමගේ සහ ගයාන් පුෂ්පික)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division