බැංකු ක්ෂේත්රය සඳහා පවත්වන ලද සයිබර් අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රධාන අවදානම් නිලධාරීන් (Chief Risk Officers) සහ ප්‍රධාන තොරතුරු නිලධාරීන් (Chief Information Officers) සහභාගි විය. මෙම විශේෂ සංසදයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී. සිරිකුමාර ය.
ආර්ථිකයක සයිබර් අවදානම් සඳහා වඩාත්ම අවදානමට ලක්විය හැකි ක්ෂේත්‍ර ලෙස බැංකු සහ මූල්‍ය ආයතන සැලකිය හැකිය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම සයිබර් අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩසටහන සංවිධානය කිරීමට ඉදිරිපත් වූයේ සයිබර් අවදානම් නිසා බැංකුවලට මුහුණ දීමට සිදු විය හැකි බරපතළකම අවබෝධ වූ නිසාය. මෙම විශේෂ දැනුවත් කිරීමේ සැසිය පැවැත්වූයේ රක්ෂණ සහ ප්රතිරක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඉන්දියාවේ TURTLEMINT සමාගම සමඟය.
පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස සයිබර් අවදානම් රක්ෂණයක් ලබා ගැනීමේ වැදගත්කම සහ එහි ප්රතිලාභ පිළිබඳව ද මෙම සැසියේදී අවධාරණය කළේය.