තිරසරභාවය සඳහා කැපවීම කිහිප දෙනෙකුගේ කියැවීමට වඩා, ව්‍යවසායයේ සෑම පුද්ගලයකු වෙතම පැතිර යා යුතුය යන විශ්වාසයෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම සිය සේවකයින්ගේ සහ පවුල්වල සහභාගිත්වය සමඟ මෑතකදී නව රුක් රෝපණ වැඩසටහනක් දියත් කළේය.
කැලණිය සහ කළුතර පිහිටි සියැට් පුළුල් නිෂ්පාදන කර්මාන්තශාලාවල එක්වර සිදු කරන ලද රුක් රෝපණ කටයුතුවලට සමගාමීව, තවත් ශාක පැළ තම ගෙවත්තේ සිටුවා පෝෂණය කිරීමට මඟ පෙන්වමින්, සේවකයින් වෙත පැළ 1000කට අධික සංඛ්‍යාවක් බෙදාදෙන ලදි.
සියැට් කැළණි හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්යක්ෂ රවී ඩඩ්ලානි සමඟ විධායක කමිටු සාමාජිකයින්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ සමාගමේ කාර්යාලවල හා කර්මාන්තශාලාවල සේවකයින්ද මෙම වැඩසටහනට සහභාගි විය.
“අපගේ පාරිසරික පියසටහන අවම කිරීම සඳහා සැලකිය යුතු ලෙස දැනටමත් ආයෝජන සිදුකර ඇති අතර එය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ තීරණයක්,” යනුවෙන් සියැට් කැලණි කළමනාකාර අධ්යක්ෂ රවී ඩඩ්ලානි ප්‍රකාශ කළේය. “පරිසර හිතකාමී තිරසාරත්වය සෑම සේවකයෙකුගේම මනස තුළ ප්රමුඛ ස්ථානයක් ගත යුතු බව අප විශ්වාස කරන නිසා මෙම වැඩසටහන දියත් කරනු ලැබුවා,” යැයි ද ඔහු පැහැදිලි කළේය.