2025 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කෙරේ. මෙරට විභාග පද්ධතියේ පුළුල් වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙනුයේ රජය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේය.
මේ පිළිබඳ අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර සිළුමිණට පැවසූයේ විභාගයන්හි සිසුන්ට ඇති බර අවම කිරීම සඳහාත්, එහි ගුණාත්මක බව වැඩි කිරීම සඳහාත් 2025 වසර වන විට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි පුළුල් වෙනසක් සිදු කිරීමට අපේක්ෂිත බවය.
සාමාන්‍ය පෙළ විෂය 9 ක් වූ සංඛ්‍යාව විෂය 5 හෝ 6 දක්වා අඩු කිරීමට නියමිත බවත්, අනිවාර්ය නොවන කාණ්ඩ විෂයන්හි විභාග පාසල් මණ්ඩලවලින් පවත්වන විභාග හරහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අනුගමනය කෙරෙන බවත්, මෙහි නියමු ව්‍යාපෘතියක් 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවත් මහාචාර්ය ගුණපාල නානායක්කාර හෙළි කළේය. මීට සමගාමීව පාසල් මණ්ඩප 520 ක් පිහිටුවීමට යෝජිතය.
මීට අමතරව දැනට 5 ක් වූ උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව 8-9 ක් දක්වා වැඩිකර සිසුන්ට තෝරාගැනීමේ ඉඩ ප්‍රස්ථා වැඩි කෙරෙයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දැනට 1-13 දක්වා ක්‍රියාත්මක වන ශ්‍රේණි 1-12 දක්වා අඩු කර 12 වැනි ශ්‍රේණියෙන් අවසන් කිරීමටද අපේක්ෂා කෙරේ.
සුභාෂිණි ජයරත්න