Home » Excellence In Digital Inclusion Video සම්මානය ඩයලොග් හිමි කරගනියි

Excellence In Digital Inclusion Video සම්මානය ඩයලොග් හිමි කරගනියි

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ඩිජිටල් ක්ෂේත්‍රයේ විශේෂ සම්මාන උලෙළක් වන MillenniumIT සහ ICTA 2023 සම්මාන උලෙළේදී ඩයලොග් ආසිආටා පී.එල්.සී. සිය හවුල්කරුවන් හා එක්ව සකස් කළ ජාතික ඉන්ධන අවසර පත්‍රය ‘Excellence in Digital Inclusion Video Award’ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වීම පිණිස, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ Millennium IT ESP සහ ICTA, සමග එක්ව ජංගම තාක්ෂණය අසමසම ලෙස භාවිත කරමින් ඩයලොග් හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය. වැඩසටහන මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

2022 අගෝස්තු මාසයේදී මෙරට පැවති ඉන්ධන අර්බුදය හමුවේ රට තුළ පැවති සීමිත ඉන්ධන ප්‍රමාණය ඵලදායී අයුරින් දිවයින පුරා බෙදා හැරීම පිණිස ජාතික ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දෙනු ලැබිණි. එපමණක් නොව, එම ඉන්ධන අවසර පත්‍රය අද වන විට, අනාගත ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඉවහල් වන දත්ත හා වෙළෙඳ පොළ විශ්ලේෂණය කර ගැනීමද හොඳම අවකාශයක් ලෙසින් භාවිත විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division