Home » සිතේ තිබෙන කාරණාව හරියටම ඉෂ්ට වන කෙම් මන්ත්‍රය මෙන්න !

සිතේ තිබෙන කාරණාව හරියටම ඉෂ්ට වන කෙම් මන්ත්‍රය මෙන්න !

by thanushika
October 21, 2023 12:32 pm 0 comment

 

ඉපැරණි කෙම් බෙහෙත් පත්ඉරුවකින් උපුටා ගන්නා ලද්දකි.

. ගවයින් සඳහා පැරණි කෙම් බෙහෙත්

කරඳ පොතු, මදුවැල්, මැල්ල කොළ පොතු, මඟුල් කරඳ මුල්, හාතාවාරිය මුල්, අමු කහ, කළුදුරු, සූදුරු, අසමෝදගන්, සාදික්කා කොටාගෙන පොල් තෙලින් කකාරා හරකාගේ තුවාලෙට එළනු. සමේ රෝගයන්ට ගානු. උණු දියෙන් පසුව නහවනු. රෝග සුව වේ.

. කකුලේ උළුක්කුවට

බත් ළිපේ උතුරණ විට එම පෙණ හැන්දෙන් ගෙන කකුලේ, අතේ උළුක්කු වීමට, හන්දි පැන්න විට ගානු. සුව වේ. මෙය කතා නොකර කරන්න.

. තමන්ගේ සිතේ ඇති කාරණාව හරියටම හරි යාමට

නමෝ ඉර නැඟ මාගෙට සඳුනගාමා මාවිදුලට

මා දුටු කල කළණ රිදුන් බැඳ දිවගු ලෙස්වඃ

කීකිරිඳිය ගසක් පේ කර ඉරිදා දින උදුරාගෙන මේ මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කටින් හපමින් තමාගේ කාරණාව කියනු හරි යයි.

. මෙම මන්ත්‍රයෙන් බෙලි පිළිලයට 108 වර මතුරා ළඟ තබාගෙන මුදල් ඉල්ලු වහාම ලැබේවි.

ඕං නමෝ විජය රජ්ජුරුවන්ට කුවේණි අතුර දුන් යහනෙයි අද සැතපෙන්නේ. ඒ කුවේණිගේ ඉසු නූලේ බිංදුවලින් මදුරුවෝ, වැලි මැක්කෝ, මකුණෝ මේ තිස් පැයට කට දිව නොහොල්ලා කඩුත්තුයි.

මේ මන්ත්‍රයෙන් පොල් කටුවට 21 වරක් මතුරා ඇඳ වටේ කරකවා මුණින් අතට පොල්කටුව වසා තබනු. සත්තු නොකයි

. යුගදිවිය සාර්ථක වීමට

අරළු, බුලු, නෙල්ලි, සහිඳ ලුණු සමව ගෙන අඹරා ගිතෙලින් උණුකර පදමට ගෙන එම යුෂ පානය කිරීමෙන් යුගදිවි ආරවුල් නැතිව සාමයෙන් සතුටෙන් ගෙන යෑමට හැකි වේ.

. නි‍ෙවස ආරක්ෂාවට

කුඩා බලු පැටවෙකු අලුතින්ම ගෙදර ගෙනා විට පළමුවම ගේ වටේ වම් දිසාවට 9 වාරයක් ගමන් කොට ගේ තුළට ගන්න. නි‍ෙවසට ආරක්ෂාව සොර සතුරු බියත් භංග වේ. කතා නොකර කළ යුතුය. ඌ සැර ගතියට හැදේ.

. අඹුසැමි ආරවුල් නැති වීමට

ගොඩ මානෙල්, ගොඩ මෙනේරිය, අමු කහ මේ තුන් වර්ගය කතා නොකර ගෙන අඹරා මෝල් ගස් දෙකේ අග මුල ගා මැදින් දකුණු අතින් අල්ලනු. අකමැති ආරවුල් ඇති සැමියා සහ බිරිය එක් වේ. සමගි වේ. ඉතාම පැරණි කෙමකි.

. සියලු වැඩ කටයුතු සාර්ථක වීමට

ඕං නමෝ කන්‍යා තුජේස්වාහඃ මෙම මන්ත්‍රය සිහි කරන්න.

වෙළෙඳාම කරන විට/මුදල් ගැනීමේදී, ගනුදෙනු කරන විට, මුදල් යොදවා ව්‍යාපාර අරඹන විට මෙම මන්ත්‍රය සිහි කරන්න. සියල්ල සාර්ථක වේ.

. දේව ආකර්ෂණය ලැබීමට

ඕං හ්‍රීං හ්‍රීං හ්‍රීං අංජන ගිරිකූඨ ධාරණී බඩ දිස්ටි දිවැස් දිෂ්ටි දිෂ්ටි ඒස්වාහඃ

අලුයම හිරු පායන විට දෙනෙත් පියාගෙන මෙම මන්ත්‍රය 21 වරක් සිතෙන් කියන්න. තමන් කැමති දෙවි කෙනෙකුට ආරාධනා කරන්න. සෑම දිනකම අලුයම 21 වරක් කියන්න. ඔබට දේව ආකර්ෂණය ලැබෙනු ඇත. විශ්වය සමඟ නිවැරදිව මේ මන්ත්‍රයෙන් තමා එක්විය යුතුය. පසුව ශාස්ත්‍ර පවා කීමට හැකි වේ.

. ඇස්වහ කටවහ දොස් නසන්න.

තැඹිලි ගෙඩියේ කෙම් ක්‍රමය

වත්මන් සමාජය තුළ ඇස්වහ කටවහ දොස් පිළිබඳ නිතර කතාබහක් පවතී. විශේෂයෙන් ඇස්වහ කටවහ හේතුවෙන් විවිධාකාරයේ ආබාධ තත්ත්වයන් ඇතිවීම අපට නිතර දැකගත හැකිය.

ඇස්වහ කටවහ දොස් සරලව හා පහසුවෙන් ඔබටම ඔබගේ නි‍ෙවසේදීම ඉවත්කර ගත හැකි ඉතාමත් සරල කෙම් ක්‍රමයක් ඉපැරණි ග්‍රන්ථයකින් ඔබ වෙනුවෙන් උපුටා දක්වමි. ඒ අනුව ඉසිවර පාඨක ඔබ වෙනුවෙන් එම කෙම් ක්‍රමය පහත සඳහන් කරමි. මෙහි විශේෂත්වය මෙය ලොකු කුඩා සැමටම එකසේ ගැළපෙන තැඹිලි ගෙඩියක් භාවිතයෙන් කරන්නා වූ කෙම් ක්‍රමයක් වීමයි. මෙය ඔබට ඔබගේ නි‍ෙවසේදීම පහසුවෙන් කර ගත හැකිය. එවැනි ඇස්වහ කටවහ දොස් ඇත්නම් බොහෝ ප්‍රතිඵල සහිත මෙම කෙම් ක්‍රමය ඔබත් කර බලන්න. ප්‍රතිඵල සහතිකය.

අවශ්‍ය ද්‍රව්‍ය – තැඹිලි ගෙඩියක්, අබ, ගොරක, කහ, ලුණු, කපු ඇට, ගම්මිරිස්, වී, අඟුරු ස්වල්පයක් බැගින්, කොළ හතක් ඇති දෙහි අතු කැබැල්ලක්

සෙනසුරාදා දිනෙක රාත්‍රි හතයි තිහට පමණ ලොකු තැඹිලි ගෙඩියක ඇස්ස කපා වතුර ඉවත්කර ඒ තුළට අබ, ගොරකා, කහ, ලුණු, කපු ඇට, ගම්මිරිස්, වී, අඟුරු ස්වල්පය බැගින් දමා කොළ හතක් ඇති දෙහි අතු කැබැල්ලක් ද දමා යළි තැඹිලි වතුර පුරවා ඉරිදාට එළිවන අලුයම මේ මන්ත්‍රයෙන් 2 වරක් හෝ 108 වරක් ජප කරන්න.

ඕං කීකරු නොකීකරු, දුටුකරු, නොදුටු කරු ඇස්වහා කටවහා (ඉන්පසු අදාළ පුද්ගලයාගේ නම කියා) අද හිටන් නෑ යනුවෙන් ජප කරන්න. පසුව එම දියර ශරීරයේ පිටතින් ගෑමටත් ගෙයි ඉසීමටත් සුදුසු වේ. (මෙය සම පිට රෝග ඇති අයටද වඩා හොඳයි)

කුඩා දරුවන්ගේ ඇතිවන ඇස්වහ කටවහා දෝෂවලදී දෙහි ගැට තුනක් තැඹිලි ගෙඩියකට දමා සං… සං… සං… යන්න 21 වරක් මතුරා දරුවා එම දියරෙන් සෝදන්න. මෙය බදාදා දිනෙක උදේ 6-7 හෝ රාත්‍රී 8 – 9කාලයේ දී කිරීමෙන් සියලු ඇස්වහ කටවහ දුරු වේ.

ඉහත සඳහන් ආකාරයට මෙම කෙම් ක්‍රමය කිරීම තුළින් ඔබටත් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division