Home » මෙරට ආර්ථිකයේ ඉදිරි ගමනට චීන ජනපතිගෙන් සහතිකයක්

මෙරට ආර්ථිකයේ ඉදිරි ගමනට චීන ජනපතිගෙන් සහතිකයක්

by Mahesh Lakehouse
October 21, 2023 12:45 am 0 comment

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළට සුහද, ප්‍රායෝගික, කඩිනම් සහායක් දෙනවා 
ලබාදෙන සහයෝගය තුළ කිසිදු දේශපාලන අරමුණක් නැහැ
– චීන ජනපති කියයි

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිදු දේශපාලන අරමුණකින් තොරව සහාය ලබා දීමට චීන මහජන සමූහආණ්ඩුව තීරණය කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බවද චීන රජය ප්‍රකාශ කර සිටියි.

චීන ජනාධිපති ෂී ජින් පිං මෙම කරුණු කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සමඟ ඉකුත් 20 වැනිදා සිකුරාදා එරටදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරදීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා, ප්‍රායෝගික හා කඩිනම් සහාය ලබා දීමටද චීනය කටයුතු කරණ බව චීන ජනපතිවරයා එහිදි අවධාරණය කළේය.

වරාය නගරය සහ හම්බන්තොට වරාය “එක් තීරයක් – එක් මාවතක්“ ක්‍රියා පිළිවෙත උදෙසා මුලින්ම එක්වූ ව්‍යාපෘති අතර ගැනෙන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ලාංකේය නිෂ්පාදන චීනයට ආනයනය කිරීමටත් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආයෝජනය කිරිමට පියවර ගන්නා බවත් එහිදි වැඩිදුරටත් කියා සිටියේය.

චීනය, මියන්මාරය සහ දකුණු අප්‍රිකාව එක් කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙහිදී පෙන්වා දුන්නේය.

ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division