ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වූ ඩොලර් බිලියන 13.1ක මුදල 2022 වසරේදී ලබා ගැනීමට රජය සමත්ව ඇත.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙනකර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1% කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය වී තිබෙන බව කර්මාන්ත සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඉකුත් සිකුරාදා කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය. වසර 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත වත්මන් සහ අනාගත අවශ්යාතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ කටයුතු ද රජය මේ වන විටත් කටයුතු අවසන් කර ඇති බව ද එහි මූලික කෙටුම් පත සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දී ඇති බවද ඇමැති වෛද්‍ය පතිරණ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රසික කොටුදුරගේ