Home » පළාත් පාලන ආයතන ගෙවීම් ඔන්ලයින් ක්‍රමයටත්

පළාත් පාලන ආයතන ගෙවීම් ඔන්ලයින් ක්‍රමයටත්

by Mahesh Lakehouse
October 28, 2023 12:35 am 0 comment

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්ට අදාළ සියලු ගෙවීම් අන්තර්ජාලය හරහා ද ගෙවිය හැකි ක්‍රමවේදයක් ලබන වසරේ ජනවාරි 1 දින සිට හඳුන්වා දීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ යටතේ මහජනතාවට තම වරිපනම් ගාස්තු මෙන්ම පළාත් පාලන ආයතනයන්ට අදාළ සියලු ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. වරිපනම් බදු ඇතුළු බොහෝ ගෙවීම් සිදු කිරීමට ජනතාවට පහසු ක්‍රමවේදයක් නොමැති වීම නිසා ගැටලු මතුව ඇති බව හඳුනා ගැනීමෙන් පසුව මේ පියවර ගෙන තිබේ.

ගෙවීම් සිදු කිරීමට බලාපොරොත්තුව සිටින ජනතාවට ද අදාළ ආයතන වෙත සතියේ වැඩ කරන දිනවලම යාමට සිදුවීම නිසා එම බදු ගෙවීම පැහැර හැරෙන බව හඳුනා ගෙන ඇත.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division