Home » එතැන තමයි DARK ROOM ජනප්‍රිය වීමේ ආරම්භය

එතැන තමයි DARK ROOM ජනප්‍රිය වීමේ ආරම්භය

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– ලංකාවෙ පළමු වතාවට සිනමා තාක්ෂණය සහ සිනමා කැමරා යොදාගෙන, සිනමා ස්වරූපයෙන් පළමු ප්‍රී ෂූට් එක කළේ අනූෂා දමයන්තිගෙ 
– කැමරාවෙ මූලික තැන් මට කියල දුන්නෙ මගේ බාප්පා මට තිබුණු ලොකුම හයිය මගේ අම්මා

DARK ROOM, Brand එකක් බවට පත්වී මේ වනවිටත් මංගල උත්සව ඡායාරූපකරණයේ ප්‍රමුඛයා වී අවසන්ය. ඕනෑම අයකුගේ ජීවිතයේ සුන්දරම දිනය ආකර්ෂණීය සිහිවටනයක් බවට පත්කර දෙන DARK ROOM හි පුරෝගාමියා වන ධනුක කුමාරසිංහ තවමත් තාරුණ්‍යයේ පසුවන යෞවනයෙකි. නවීන තාක්ෂණික දැනුම නිර්මාණශීලීව ඡායාරූප මතට ගෙන එමින් ඔහු මවනා අසිරිය ඔහුගේ හැකියාවේ සහ විශ්වාසයේ සංකලනයකි. ඒ සඳහා හොඳම උදාහරණ සපයන්නේ වත්මන් කලා ලොවේ සුපිරි මංගල උත්සවයන්ය. DARK ROOM හි නිර්මාතෘ ධනුක කුමාරසිංහ.

ඉතිහාසයේ පළමු වතාවට ඡායාරූපකරණය වෙනුවෙන් ලබා දුන් පළමු සම්මානය හිමිකරගත්තේ ඔබ?

ඔව්. ලංකාවෙ සම්මාන රාත්‍රියක ඡායාරූපකරණය වෙනුවෙන් සම්මානයක් ලැබුණු පළමු අවස්ථාව මේක. ජනප්‍රියම 15 දෙනා අතරට SMSවලින් නිර්දේශ වෙලා තිබුණා. අවසන් රාත්‍රියේ දී වසරේ ජනප්‍රියම ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය මට ලැබුණා. මේ සම්මානය ලැබෙන්න අවුරුදු 11ක් ගියා. ජනප්‍රියම ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය ලැබීම මට විශේෂත් මම ඡායාරූපකරණය හදාරපු කෙනෙක් නොවන නිසා.

DARK ROOM දැන් මංගල ඡායාරූපකරණයේ අංක 1 බවට පත්වෙලා. මේ ආපු ගමන ගැන සඳහන් කළොත්?

මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද විද්‍යාලයේ. සාමාන්‍ය පෙළට කළේ සංගීතය. උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙන ගත්තාට සංගීතය දිගටම හැදෑරුවා. හැම අවුරුද්දෙම ආනන්ද විද්‍යාලයේ මියුසික් සර්කල් එකේ ප්‍රසංගයක් කරනවා. 2011දී එක්තරා මංගල උත්සවයක අපේ සංගීත කණ්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මංගල උත්සවයේ ඡායාරූප ගන්නව දැකල තමයි මට පළමු වතාවට ඡායාරූපකරණය ගැන ආසාවක් ඇති වුණේ. ඊට පස්සෙ විනෝදාංශයක් විදිහට මම ඡායාරූප ගත්තා. එහෙම තමයි මේ ගමන ආවේ.

ඔබේ නමින් යන්නෙ නැතුව DARK ROOM නමින් යන්න හිතුවෙ ඇයි?

නමකින් යනවට වඩා බ්‍රෑන්ඩ් එකක් විදිහට යන්නයි මට ඕන වුණේ. ඒක ටිකක් අමාරු වුණත් බ්‍රෑන්ඩ් එකකින් ගියහම ඒකට තියෙන ක්ලාස් එක වැඩියි. DARK ROOM කියන නම දැම්මෙ මංගල උත්සව ඡායාරූප ගන්නත් කලින්.

DARK ROOM කියන නම දාන්න විශේෂ හේතුවක් තිබුණ ද?

මේක ඡායාරූපකරණය හා සම්බන්ධ ව්‍යාපාරයක් නිසා මට ඕන කළේ ඒ සම්බන්ධ නමක් දාන්න. මේ වචනෙ හැම පැත්තෙන්ම ඡායාරූපකරණයට සම්බන්ධයි. රීල් එකකින් ෆොටෝග්‍රාෆ් එකක් ඩිවලොප් වෙලා ෆොටෝග්‍රාෆ් එකක් විදිහට එළියට එන්නෙ Dark Room එක ඇතුළෙ. ඒ වගේම කැමරාව ඇතුළෙත් Dark Room කියල කොටසක් තියෙනවා. ෆොටෝ එකක් ගනිද්දි ෂටර් එක ඕපන් වෙලා ක්ලෝස් වෙද්දි එන ආලෝකය හැරිල ෆොටෝ එකක් නිර්මාණය වෙන තැනත් Dark Room.ඒ නිසාම මට හිතුණා DARK ROOM කියන නම හොඳයි කියලා.

ඔබ ඡායාරූපකරණයට පිවිසුණාට ඒක හදාරපු කෙනෙක් නෙවෙයි?

මං උපාධිය කළේ සොෆ්ට් වෙයාර් ඉංජිනියරින්. මාස්ටර් එකට project management කළේ uk වල. ඊට අමතරව HR,Jawa කොලිෆයිඩ් වුණා. DARK ROOM කියන Brand එක කොම්පැණි එකක් දක්වා වර්ධනය කරගන්න අවශ්‍ය දැනුම හා කැපෑසිටි එක ඩිවෙලොප් කරගන්න මගේ පාසලෙන් වගේම උසස් අධ්‍යාපනයේ දැනුමත් ඉවහල් වුණා.

කැමරාවෙ මූලික තැන් මට කියල දුන්නෙ මගේ බාප්පා චින්තක කුමාරසිංහ. එයා සේවය කරන්නේ ලේක්හවුස් ආයතනයේ. ඒ වගේම මට තිබුණු ලොකුම හයිය මගේ අම්මා. ෆොටෝග්‍රැපි පැත්තට මට ආසාවක් ඇති කරවන්න එයා ගොඩක් දේ කළා. මගේ අම්මා සුදීපා දමයන්ති ලේක්හවුස් ආයතනයේ තරුණී පුවත්පතේ දිගු කාලයක් සේවය කළා.

මෙතෙක් කළ ඉවෙන්ට්වලින් වඩාත්ම ජනප්‍රිය වුණු ඒව ගැන කතා කළොත්?

මුලින්ම කළ නදීශා හේමමාලිගේ වෙඩින් එකයි, ප්‍රී ෂූට් එකයි තමයි ගොඩක්ම ජනප්‍රිය වුණේ. අලුත් ලොකේෂන් හොයාගෙන, අලියෙක් පාවිච්චි කරලා කළ වෙනස්ම වැඩක්. ඇය සැරසුණු ඉන්දීය විලාසිතාවත් ආකර්ෂණීය වුණා. එතැන තමයි DARK ROOM ජනප්‍රියවීමේ ආරම්භය. ඊට පස්සෙ වස්ති එකේ දුලාජ්ගෙ ප්‍රී ෂූට් එක කළා පෝට් සිටි එකේ. පෝට් සිටි එක ජනතාව දැකපු පළමු අවස්ථාව ඒක. ඒ වගේම 2019 දි සජිත අනුත්තරගෙ ප්‍රී ෂූට් එකට කළ ‘මිහිරාවිය ආවා‘ මියුසික් වීඩියෝ එක ට්‍රෙන්ඩිං වුණා. ඒක කළේ ඩුබායිවල. ලංකාවෙ ප්‍රී ෂූට් එකක් ට්‍රෙන්ඩිං වුණු පළමු අවස්ථාව.

මෑතකදි කළ අනූෂා දමයන්තිගෙ වෙඩින් එකත් ගොඩක් ජනප්‍රිය වුණා. ලංකාවෙ පළමු වතාවට සිනමා තාක්ෂණය සහ සිනමා කැමරා යොදාගෙන, සිනමා ස්වරූපයෙන් කළ පළමු ප්‍රී ෂූට් එක. ඉන්දීය වෙස්ටර්න් සහ ඊස්ටන් විදිහට කළේ. ලොකේෂන් එක විශේෂයි. පසුතලය ඇඳුම්, පැලඳුම් සම්පූර්ණයෙන්ම මගේ අයිඩියා එකට නිර්මාණය කළා. ලොකේෂන් එක හැදුවෙම මේ වෙනුවෙන්. කවුරුත් ඇහුව කොහේද මේ ලොකේෂන් එක තියෙන්නෙ කියලා. ඒක ෂූට් එක ඉවර වුණ ගමන් ගැලෙව්වා. මේ ෂූට් එක කරන්න පැය 24ක් ගියා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division