AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, LMD සඟරාව මඟින් 2023 වසරේ වඩාත් ගෞරවාන්විත ආයතන තේරීම සඳහා පවත්වන ලද සමීක්ෂණයකින් මෙරට රක්ෂණ ක්ෂේත්රය තුළ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම ලෙස ඇගැයීමට පාත්ර වෙමින් මෙරට වඩාත්ම ගෞරවාන්විත සමාගම් 25 අතරට තේරී පත් විය.
AIA ඉන්ෂුවරන්ස්හි ප්රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය කියා සිටියේ, ” මෙය හුදෙක් ඇගැයීමක් පමණක් නොව එය අපගේ සේවාලාභීන් සමඟ ඇතිකරගෙන තිබෙන අරුත්බර සබැඳියාවේ ප්රතිඵලයක් ලෙසත් අඛණ්ඩව විශිෂ්ට සේවාවක් ලබා දීමට මේ සමඟ AIA තවදුරටත් තම සේවාලාභීන් වෙත ප්රතිඥා දෙන බවත්ය. වසර 35කට අධික කාලයක් ශ්රී ලාංකිකයින්ගේ ජීවිත සුරක්ෂිත කරමින්, රක්ෂණයෙන් ඔබ්බට ගිය AIA, සැබෑ ලෙසින්ම දේශීය වශයෙන් මුල්බැස ගත් ගෝලීය තලයේ සමාගමක් ලෙසයි.