900
ජෛව පද්ධති තාක්ෂණය පිළිබඳ මහාචාර්ය කෝලිත බණ්ඩාර විජේසේකර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අධ්‍යයන පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා වන අතර, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨතම ශාස්ත්රාලිකයා සහ පළමු මහාචාර්යවරයාද වේ. ඔහුගේ ආචාර්ය උපාධිය අණුක ජීව විද්‍යාව වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද්දකි.
මහාචාර්ය කෝලිත බණ්ඩාර මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.