ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පරිත්රාණ ධර්ම දේශනයක් නොවැම්බර් 3 වැනි සිකුරාදා පස්වරුවේදී බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගල කාරියවසම් ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු, පක්ෂයේ ක්රියාකාරිකයන් සහ හිතවතුන්ද සහෝදර පක්ෂ සියල්ලම වෙනුවෙන් නියෝජිත පිරිස්ද එක්ව සිටියහ.
(ඡායාරූප - විමල් කරුණාතිලක)