878
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනකු රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ලබාගැනීමට උත්සාහ කළ කිරීමේදී සභාපතිවරයා ඇතුළු තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිරිස අතර සබරගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුද සිටින බව වාර්තා වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තරමුල්ල සුපිරි වෙළඳසලක් තුළදීය.
රසික කොටුදුරගේ