රාශි චක්‍රයේ අවසාන රාශිය වශයෙන් මත්ස්‍යයන් දෙදෙනෙකු සංකේතවත් කරන තාරකා දොළසකින් සැදී නැකැත් තුනකට හිමිකම් කියමින් නැඟෙනහිර අහසේ උදාවන අවස්ථාවක ඔබ උපත ලබා ඇත්නම් ඔබගේ ලග්නය මීන බව සඳහන්ව ඇත. මෙහි විශේෂයක් ලෙස පෘථිවියට දෘෂ්‍යමාන වන ප්‍රධාන තාරකා දොළස මඟින් පුවපුටුප, උත්‍රපුටුප නැකතත්, රේවතී නැකතත් මෙම රාශියේ ස්වභාවය නංවාලීම නිසා මීන රාශිය ඉතාම ප්‍රබල ගැඹුරු ස්වභාවයක් ගෙන එන බව ජ්‍යොතිෂයේ සඳහන්ව ඇත.
ස්ත්‍රි රාශි ගුණයත් උභය රාශි ගුණයේ අවධානයත් බලවත්ම ආපෝ රාශි ගුණයක් කැටිකොටගෙන බොහෝ අයට ඉතා කරුණාවන්ත වීම, ඉවසීම, කොයි කාට වුවද අමාරු අවස්ථාවන්හීදී පිහිටට පැමිණීම, තැබූ විශ්වාසය අඩු නොකිරීම වැනි යහපත් ගුණයන් ද ගංගාවක් මෙන් ගලා යන ජීවිතය මුලදී වේගවත් වුවද ක්‍රමානුකූලව තැන්පත් භාවයට පත්වීම අනෙක් ලග්නවලින් ලැබෙන සාරවත් අදහස් රැකගැනීමත් එය විසුරුවා හැරීමත් මීනයෙන් සිදු වනවා ඇත.
සෑම අයෙකුටම එක සේ සලකන, යම් අයෙකුට හේතුවක් නොමැතිව විරුද්ධ වීම, සෑම අයෙකුගේම අදහස් විමසා එයට ගරු කිරීම වැනි දේ සිත්හි දරාගෙන අන් අයට උපකාර කිරීමට යාමෙන් හිතමිතුරන් පවා එමඟින් ලාභ ප්‍රයෝජන, වාසි ලබා ගැනීමට උත්සාහ දරනවා ඇත. එවැනි දේවලින් ආරක්ෂා වීමට අනිවාර්යයෙන් සිතට ගත යුතුය. තමාගේ සිත්හි ප්‍රීතිය උදෙසා රෝගීන් හට, අසරණයින්ට, නැති බැරි දුර්වල අයවලුන්ට උදවු උපකාර කරනවා මිස එයින් කිසිම අවස්ථාවක කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වන්නේ නැත. මෙය මීන ලග්න හිමියන්ගේ විශේෂිත ලක්ෂණයකි.
ඒ අයුරින්ම ද්වි රාශී හෙවත් උභය රාශි ගුණය නිසා වරෙක සැර පරුෂ වීමත්, අන් අයට උපකාර කිරීමෙන් මෙන්ම තවත් කෙනෙකුගෙන් වැඩ ගැනීමේදී ඔහුගේ වෙහෙස මහන්සිය ගණනකට නොගෙන ක්‍රියා කිරීමට ද කිසිම අයෙකුට උදවු නොකර සිටීමට ද ඉඩප්රස්ථා ඇති වුවද තමාගේ දියුණුවට, පවුලේ දියුණුවට වෙහෙස මහන්සි වීම මොවුන් තුළ දක්නට ඇති දෙයකි.
ජ්‍යොතිෂයේ සඳහන් වන විශුව ලක්ෂය එනම් මේෂ ලග්නයේ ප්‍රථමයත් මෙම රාශියේ අවසන් අන්තයත් එකට ගැටෙන ස්ථානය මේ නමින් හඳුන්වන අතර, මේ ස්ථානයේදී මෙම ලග්න දෙක අතර පවතින ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් ගැටෙන බවද මෙම ස්ථානයේදී කිසිම ග්‍රහයකුගේ බලයක් ශක්තියක් විශ්ව පැවැත්මට යෝගකාරක නොවන බවද දක්වා ඇති දෙයකි. එසේම මීන රාශියේ හිරු හැසිරෙන කාලය තුළදී මෙම රාශියේ ද්වීගුණය හේතුකොටගෙන ලෝක ස්වභාවය ද ද්වීගුණයක් දක්වන බවද දක්වා ඇති දෙයකි. ඒ අයුරින්ම මෙම ලග්න හිමියන් පෙර සඳහන් අයුරින්ම ඔවුන්ගේ ස්වභාවය ද්වී ආකාරව දක්වන අවස්ථාවන් ද ඇත. බොහෝවිට තමාගේ වැඩකටයුතු කරන අවස්ථාවන්හිදී ඉතාමත් නිහඬව කලබලකරී ගතියෙන් තොරව කටයුතු කාරණා සිදු කරන ආකාරයක් මොවුන්ගෙන් නිරීක්ෂණය කළ හැකි වනවා ඇත.
මීන ලග්න හිමියන් හට ස්වභාවයෙන් ම පිහිටා ඇති දෙයක් නම් අාධ්‍යාත්මික ගුණ වගාවන් ඉතාමත් හොඳින් ප්‍රගුණ කිරීමෙන් ඒ මඟින්ම තමාගේ ඥානය දියුණු කර ගැනීමට, අධ්‍යාපන කටයුතු කාරණාවලට මෙන්ම ජීවිතයේ ධර්මතාවන් හොඳින් අවබෝධ කරගෙන අන්‍යයන්ට බරක් නොවන සේ තමාගේ දිවි ගමන හැඩගස්වා ගැනීමට නිතරම උත්සුක වනවා ඇත.
මීන ලග්න හිමියන්ගේ තවත් දක්නට ඇති දෙයක් වනුයේ ගුරු හෙවත් බ්‍රහස්පති ලග්නයේ සිටින්නේ නම් ස්වභාවික ගුණයත්, තමාගේ වැඩකටයුතු තම උත්සාහයෙන්ම සිදු කර ගැනීමෙන් ජීවිතය ජය ගැනීමට උත්සාහ ගන්නා අතර, හිත මිතුරන් වශයෙන් බොහෝ අය ළංකර නොගන්නා අතර, වුවද අනුකම්පා සහගතව අන් අය කෙරෙහි කටයුතු ඉටුකර දීමට ද මැළි නොවන ක්‍රියාකාරී ස්වභාවයක් පෙන්නුම් කරන අතර, තමා ඇසුරු කරන ස්වල්ප දෙනාගෙන් පමණක් උදවු උපකාරයක් ලබා ගන්නවා මිසක සෑම අයෙකුටම තමාගේ අඩුලුහුඬුකම් මදිපාඩුකම් පෙන්වීමට යන්නේ නැත. පියාට යහපත් ලෙස තමාගේ කටයුතු සිදු කර ආදායම් මාර්ග සකස් කර ගැනීමට මෙම ලග්න හිමියන්ගේ කේන්දර මඟින් උත්තේජනයක් ලබා දෙනු ඇත.
මෙම රාශියේ ද්වී ගුණය නිසා ජීවිතය ද ගතිගුණ ද කාලයෙන් කාලයට ග්‍රහචාරය අනුව වෙනස් අයුරින් ගත කරනු දක්නට ඇත. ඒ හේතුකොටගෙන ඇතැම් අවස්ථාවලදී ආත්මාර්ථකාමී ගුණයක් ද පිළිබිඹු කරන මෙම ලග්න හිමියන් තමාගේ පාඩුවේම වැඩපළ කරගෙන ජීවිතයට වැඩි බරක් ගැනීමෙන් වැළකී සිටිය ද යම් බරපතළ දෙයක්, බරක් තමාගේ කරපිට පැමිණි විට ආත්මාර්ථකාමී ගතිය වඩාත් ඉස්මතු වී පෙන්නුම් කරනවා ඇත. මෙම ආත්මාර්ථකාමී ගුණය තමාගේ අධ්‍යාපන කටයුතුවලදී ද ප්‍රදර්ශනය කරමින් පොතපතේ වැඩවලට තදින් ඇලී පවතින ගතියක් පෙන්නුම් කළ ද කාලානුරූපව එය ද වෙනස් වීම මෙම ද්විගුණ ලක්ෂණවල ප්‍රතිඵලයක් වනවා ඇත.
ආපෝ ත්‍රිත්වයේ ප්‍රබලම රාශිය වශයෙන් සැලකෙන මීනයෙන් උපත ලද අය එහි ඇති තෙත් ගුණයෙ සහ අධික වායු පටලයකින් අහසේ දිස්වන ආකාරයටම මොවුන් තුළ සෙම් ගතියක් දක්නට ලැබෙනු ඇත. ශරීරය ස්ථුල ලෙස පැවතිය ද මෙම සෙම් ගුණය නිසා එතරම් ශක්තිමත් භාවයක් පෙන්නුම් කරන්නේ නැත. තරුණ කාලයේදී ජීවිතය අන් අයට වඩා ක්‍රමවත්ව තමාගේ ජීවිතය කෙරෙහි ඇල්මකින් පිළිවෙළකට ගෙනයෑමට ආත්මශක්තිය මොවුන් සතුව ඇත. ඒ පිළිවෙත නිසාම මධ්‍යස්ථ භාවයක් ද පෙර සේම වැඩි බර කරට ගැනීමෙන් වැළකී සිටිම ද තරුණ කාලයේදී මොවුන් තුළ දක්නට ලැබෙන දෙයක් වනවා ඇත.
මෙම ලග්න භාවයෙන් උපන් ස්ත්‍රියන් අනුකම්පා සහගත අදහස් ඇති, ගුණවත්, නැණවත්, නිහතමානී කාන්තාවන් වනු ඇත. මොවුන් තුළ යම් දෙයක් කිරීමට ඇති හැකියාව මෙන්ම එම කරන වැඩය ගැන නිතැතින්ම මනා දැනුමක්, දක්ෂතාවක් පෙන්නුම් කරනවා ඇත. එය තමා සතු යුතුකමක් ලෙස සලකන අතර, ඒ මඟින් තමාගේ ජීවිතය ද ඉදිරියට ගෙනයාමට උත්සාහ කරන, පොතපත කෙරෙහි අවධානය සහිතව තමාගේ බුද්ධි බලය දියුණු කර ගැනීමට උත්සාහ කර අන් අයට කරදරයක් නොවන ලෙසට වැඩකටයුතු කරගෙන යමින් සැහැල්ලුවෙන් වැඩ කිරීම මොවුන් තුළ දක්නට ඇත.
අධික බලයෙන් යුත් ආපෝ ගුණැති රාශියක් වන නිසා නිතර සෙම් රෝග, සෙම් බෝවීමෙන් ඇති වන රෝගාබාධයන් හට ගොදුරු වන බැවින් ද ආහාර රුචිය අධික වන බැවින් ද තමාගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව සිතා බලා ආහාර ගැනීමේදී ප්‍රවේශම් සහගතවීම මීන ලග්න හිමියන් හට ගුණදායක වනු ඇත. අනෙකුත් ග්‍රහයන්ගේ සංයෝගයන් නිසා විශේෂයෙන් රවි, කුජ, ශනි සංයෝගයන් හේතුකොටගෙන රුධිර ධාවන ශක්තියේ රෝග, චර්ම රෝග, පිත්තාශ රෝග, නහරගත ආබාධයන්, මුත්‍ර රෝග ආදියට ද මුහුණ දීමට ද සිදුවන බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.
මෙම හේතු කාරණා නිසාම තමාගේ ජන්ම කේන්දරය නිසි අයුරින් පරික්ෂා කරවා ගත යුතුමය. එහිදී ඔබට ලැබෙන උපදෙස් අනුව කළ යුතු වත්පිළිවෙත් ඒ ඒ කාලසීමාවන් තුළදී නිසි අයුරින් සිදු කර ගැනීමෙන් ඔබට ජීවිතයේ යහපත භූක්ති විඳීමට මඟ පාදා ගන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු