Home » පහ සමතුන් 15% කඩඉම් ලකුණින් සමත්

පහ සමතුන් 15% කඩඉම් ලකුණින් සමත්

by Mahesh Lakehouse
November 18, 2023 12:38 am 0 comment

– ලකුණු 100න් ඉහළ සිසුන් 150,017ක්.
– ලකුණු 70ට වැඩි සිසුන් 2,58, 871ක්.

ඉකුත් ඔක්තෝබර් 15 වැනිදා පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් 332,949න් 50,664 (15.22%) දෙනකු කඩඉම් ලකුණෙන් ඉහළින් සමත්ව තිබේ. ශිෂ්‍යත්වයට අයදුම් කළ මුළු සිසුන් සංඛ්‍යාව 3,38037කි

මෙවර ලකුණු 70ට වඩා ගත් සිසුන් 2,58, 871ක්ද, ලකුණු 100ට වඩා ගත් සිසුන් 1,50,017 ද වන අතර විභාග කොමස­ාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සිළුමිණට සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර කඩඉම් සමත් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවය. පසුගිය වසරේ කඩඉම සමත් ප්‍රමාණය 14.4%කි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 154 කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණු සීමාව 150ක් වන අතර පොලොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල එම සීමාව ලකුණු 149කි.

අම්පාර, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 148ක් වන අතර වවුනියා, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 145ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කිසියම් සිසුවකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

සුභාෂිණී ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division