1.3K
සීගිරිය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස පත් කිරීමේ වැඩසටහන සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අරඹා ඇත. ඒ අනුව Green destination ජාත්‍යන්තර ආයතනයේ තිරසර සංචාරක ගමනාන්තයක් බවට දකුණු ආසියාවේ මුල්ම සහතිකය 2024දී සීගිරියට හිමිවෙනු ඇත. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍යමය දායකත්වය ලබා දේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසන්නේ ඉදිරියේදී ලංකාවේ පළාත් නවය මුල් කර ගනිමින් එක් සංචාරක ගමනාන්තයක් මෙසේ ජාත්‍යන්තර සහතිකය ලබා ගැනීමට කටයුතු කරන බවය.
මෙහි බස්නාහිර පළාතේ වැඩසටහන සීතාවක මුල්කර ගනිමින් සිදු කෙරෙනු ඇත.
සුභාෂිණි ජයරත්න