– විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටා ඇත්නම් ඉක්මන් විවාහයක්
– පිහිටීම අනුව විවාහය ගැන හෙළි කරන තොරතුරු
විවාහය කෙනෙකුගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් වුවත් තවත් අයෙකුට එය අමිහිරි අත්දැකීමක් විය හැකිය. ඒ පිළිබඳව තොරතුරු ඔබේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ඔබේ අල්ලේ පිහිටි විවාහ රේඛා මඟින්ද අනාවරණය වෙයි. අල්ල අයිනේ සිට සුළැඟිල්ලේ මුලටත් (බුධ මණ්ඩලයට) හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහ රේඛා නමින් හැඳින්වෙයි. යමෙකුගේ අල්ලේ මෙවැනි රේඛා නොමැති නම් ඔහු හෝ ඇය තුළ කිසිවකු කෙරෙහි ප්‍රේම හැඟීමක් නොමැත. මෙවැනි රේඛා කීයක් පිහිටියේ නම් ඔහු හෝ ඇයගේ සිත දුටු දුටුවන් කෙරෙහි බැඳෙන ස්වාභාවයක් ඇත. ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනිව පිහිටි විවාහ රේඛාව වාසනාවන්ත විවාහයක් ප්‍රකට කරයි. දැන් අපි බලමු විවාහ රේඛාවල පිහිටීම අනුව එය විවාහයට කෙසේ බලපායිද කියා.
විවාහ රේඛාවේ කෙළවර හෘදය රේඛාව දෙසට බෑවුම් වූයේ නම් 1 -1 එය අසුබදායක තත්ත්වයකි. සහකාරයාගේ හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් එමඟින් පෙන්නුම් කරයි. අග බෙදුණු තරුවක් මෙන් 2- 2 පිහිටි විවාහ රේඛාව ද කුමන හේතුවක් නිසා හෝ අඹුසැමු වෙන්වීම හෝ ආරවුල් ඇතිවීම හෙළි කරයි. වෙන්වීමට හේතුව ස්වාමිපුරුෂයා හෝ භාර්යාව රැකියාවකට හෝ වෙනත් කාර්යයක් සඳහා දුර ප්‍රදේශයක හෝ රටක වූයේ නම් ප්‍රශ්නයක් නොවේ.
නමුත් එකට ජීවත්වීමේදී සාමය නැති වූ නිසාම හෝ ප්‍රේමයේ පලුදු වීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ. විවාහ රේඛාව අග 3 – 3 උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් හෙළි කරන්නේ විවාහයට පසු ඇතිකර ගන්නාවූ අනියම් සම්බන්ධතාවකි. මෙය ස්ථිර අනියම් සම්බන්ධතාවයක් හෝ විය හැකිය. විවාහ රේඛාවේ පහළ යටින් 4 -4 සමාන්තරව ඇති කෙටි රේඛාවෙන් පෙන්නුම් කරන්නේ විවාහයට පෙර ඇති කර ගත් සම්බන්ධයක් තවදුරටත් පවතින බවය.
අවස්ථා දෙකේදීම රේඛා ඉතා පැහැදිලි නම් සම්බන්ධතා ශක්තිමත් වෙයි. නමුත් එම අයගේ අධිෂ්ඨාන ශක්තිය මත ප්‍රතිඵල වෙනස් වී වෙන්වීමේ සලකුණු නොපෙනී යනු ඇත. විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම 5 -5 ඉක්මන් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. විවාහ රේඛාව දෙකඩ වී ඇති නම් විවාහ ජීවිතයේ බිඳ වැටීමකි. විවාහ රේඛාව ආරම්භයේ සිහින්ව පසුව ගැඹුරුව ප්‍රබල වී නම් මුලදී යන්තමින් පැවැති ආදරය පසුව බලවත් වන බවය. රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින්ව නොගැඹුරු වී නම් මුලදී පැවති ආදරය පසුව හීන වී යයි. විවාහ රේඛාවේ මැද හෝ අවසානයේ දූපත් සටහන් දර්ශනය වේ නම් විවාහ ජීවිතය අවාසනාවන්ත සිදුවීම් වලින් පිරුණ එකක් විය හැකිය. රේඛාවේ කෙළවර තරුවක සලකුණක් වේ නම් ප්‍රේම සම්බන්ධය දබරයකින් කෙළවර විය හැකිය.
මේ සමඟ පළ වන දෙවැනි රූපසටහනට අවධානය යොමු කරන්න. මනාව පැහැදිලිව ඇති දෛව රේඛාවට 1- 1 චන්ද්‍ර මණ්ඩලයේ සිට ඇදී එන ප්‍රබල රේඛාවක් සම්බන්ධ වී ඇත්නම් 2- 2 එසේ සම්බන්ධ වන දෛව රේඛාවට අදාළ වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදු වෙයි. මනාව ඍජුව සටහන් වී ඇති දෛව රේඛාවක් පිහිටි අතක ප්‍රබල විවාහ රේඛාවකුත් සටහන් වී ඇත්නම් එමඟින් සදා සැපවත් විවාහ ජීවිතයක් පෙන්නුම් කරයි. ප්‍රබල රේඛාවක් වුවත් එහි තිත් හෝ දූපත් ලකුණු වී ඇත්නම් විවාහ ජීවිතය අසාර්ථකවේ.
2 ප්‍රබල රේඛාවක් දෛව රේඛාව ඡේදනය කරමින් ගුරු මණ්ඩලය දිශාවට විහිද යන්නේ නම් 2 පවුල් ජීවිතය අවුල් වීමට හේතුවෙයි. ඇතැම් අයගේ කුජ රේඛාව 3 – 3 ජීවන රේඛාවන් සමඟ ආරම්භ වී ටික දුරක් ගොස් වෙනස් වෙයි. එම වෙනස් වන ස්ථානයට අදාළ වයස් සීමාවේදී එම අයගේ විවාහය සිදු වන බව පර්යෙෂණවලින් හෙළි වී ඇත. වෙන්වීම සටහන් වන්නේ ජීවන රේඛාවට අනුව අවුරුදු 25 කාල සීමාවේදීය. එකට ජීවත් වූ දෙමවුපිය, සහෝදර, සහෝදරියන්ගෙන් තාවකාලිකව වෙන්වී සහකාරයාගේ හෝ සහකාරියගේ සරණයට පත් වන බව එම කුජ රේඛාව මඟින් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ඇසුරේ ගත කළ ජීවිතය කුජ රේඛාවේ පළමු කොටසෙනුත් ඉදිරි යුග ජීවිතය දෙවැනි කොටසෙනුත් අනාවරණය වෙයි.
කෙනෙකුගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාව මතදී 4 අවසන් වී ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදු වනු ඇත්තේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව එය අවුරුදු 35ට පළමු සිදු වනු ඇත. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන්වීම ප්‍රේම සම්බන්ධයකින් සිදු වන විවාහයක් විය හැකිය.
හෘදය රේඛාවටත් ශීර්ෂ රේඛාවටත් අතර ඇති ප්‍රදේශයේ දෛව රේඛාව මත හතරැස් කොටුවක් තිබීම අශුභය. ස්ත්‍රියකට නම් අනියම් පුරුෂයෙකුත් පුරුෂයෙකුට නම් අනියම් ස්ත්රියකත් ඇති බවට 5 ලෙස නම් කර ඇති එම සලකුෙණන් පෙන්වයි.
ගුරු මණ්ඩලය මත පිහිටන කතිර සලකුණ වඩාත්ම සුබදායක වේ. එම කතිර සලකුණ එය වාසනාවන්ත විවාහ ජීවිතයක සැබෑ සලකුණක් ලෙස සාමුද්‍රික ශාස්ත්රයේ සඳහන් වෙයි. එහෙත් ගුරු මණ්ඩලය මත තාරකා සලකුණ විවාහ ජීවිතයේ අවුල් ඇතිවීමට හේතු විය හැකිය. විවාහ වීම සඳහා දෙගිඩියාවෙන් පසු වන අයගේ අත්වල ගුරු මණ්ඩලයටත් හතරැස් කොටුවක සලකුණ දැකිය හැකිය. ඇතැම් අයගේ අත්වල මෙම විශේෂ සලකුණු තිබිය හැකිය. එහෙත් කෙනෙකුගේ අත බලා පලාපල කියන්නට පළමු සැබෑ සටහන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව තීරණ ප්‍රකාශ කළ යුතුය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්