– ආර්ථික අර්බුදයේ ඉතා වැදගත්ම සාධකය වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දිගින් දිගටම පැවැතීමයි
– 2027 වසරේ සිට මේ ගනුදෙනුවට අදාළ වැඩ සටහන ගෙනියනවාද, නැද්ද යන්න සියලු පක්ෂ පැවැසිය යුතුයි
– මෙවර අය වැය ලේඛණය ගිය වසරේම අය වැය ලේඛනයේම කොපියක් බව පවැසූ කතාව නිවැරැදියි
දැනට තිබෙන තත්ත්වය මත කුමන රජයක් කවර කාලයක බලයට පත් වුව ද 2027 වන තෙක් අපිට ජාත්‍යන්තර වෙළෙඳපොළට යාමට නොහැකිය. එසේ ගොස් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ණයට මුදල් ඉල්ලීමට ද නොහැකිය. 2027 වන විට මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළහොත් 2027 දී අපේ දළ විදේශ වත්කම් ප්‍රමාණය අෙමරිකානු ඩොලර් බිලියන 14 ට වැඩි වේ යැයි උපකල්පනය කළ හැකිවෙයි. එවිට අපිට ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගොස් අෙමරිකානු ඩොලර් බිලියන 1,500ක් ගත හැකි වෙයි. පහත දැක්වෙන සංඛ්‍යා සටහන විචක්ෂණශීලිව පරීක්ෂා කළහොත් ඇතිවන හිඟය කෙතෙක් ද, විදේශ සම්පත් හිඟය පියවා ගැනීමට ජාත්‍යන්තරය එකඟ වී ඇත්තේ කොයි ආකාරයෙන් ද යන්න පැහැදිලි වෙයි.
ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ විශාලතම ආර්ථික අර්බුදයේ ඉතා වැදගත්ම සාධකය වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් දිගින් දිගටම පැවැතීමයි. එනම් නිදහස ලැබීමෙන් පසු දීර්ඝ කාලීන වශයෙන් රට තුළට ගලා එන විනිමය ප්‍රමාණයට වඩා රටින් පිටතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීමයි. මේ නිසා දිගින් දිගටම සිදු වූයේ ජංගම ගිණුමේ හිඟයක් පැවැතීමයි.
එයින් අදහස් වන්නේ ඕනෑම වර්ෂයක රටට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් විනිමය ආදායමක් උපදවන්නේ නැති බවය. ඒ නිසා දේශීය වශයෙන් අය වැය හිඟය පියවා ගන්නා සේම මේ ගෙවුම් ශේෂයේ ඇතිවන හිඟය පියවන්නට සිදුව ඇත්තේ විදේශ ණය ආධාර ලබාගෙනය. විදේශ ණය ලබා ගනිමින් එදිනෙදා අවශ්‍යතා සඳහා ආනයන වියදම් පියවා ගැනීමට පසුගිය කාලයේ සිදු විය. මේ අය වැය හිඟය පියවා ගැනීම හා ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට විදේශ ණය ගෙන ඒවා ගෙවාගත නොහැකි මට්ටමට පැමිණීම නිසා පසුගිය අප්‍රේල් මස සිට අපේ රටට ණය ගෙවීමට නොහැකි බව ලෝකයාට දැනුම් දෙන්නට සිදු විය.
මේ වන විට වසර දෙකක් තුළ අපේ රට දුවන්නේ විදේශ ණය නොගෙවමිනි. විදේශ ණය නොගෙවා යන ගමනේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තරය සමඟ විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පසු වෙයි. ඒ වැඩසටහන හරහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන විට අප මේ වන විට ඒ වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති වී ඇති ගිවිසුම් හා ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් යටතේ 2027 වන තෙක් රටේ පවතින මූල්‍ය විදේශ සම්පත් පරතර හා ඒවා පියවා ගන්නා ආකාරය ද සැලසුම් කොට ඇත.
පහත දක්වා ඇත්තේ 2022 -2027 දක්වා වූ සය අවුරුදු වැඩසටහනකි. මන්ත්‍රී නාමල් රාජපක්ෂයන් මෙවර අය වැය ලේඛනය ගිය වසරේම අය වැය ලේඛනයේම කොපියක් බව පැවැසූ කතාව නිවැරැදිය. මන්ද තිබෙන වැඩපිළිවෙළට අනුව 2027 තෙක් කවර රජයක් බලයට පත් වුවද කටයුතු කළ යුත්තේ මේ ආකාරයෙනි. මක් නිසාද යත් පාර්ලිමේන්තුවේ ණය ගැනීමේ සීමාව තීරණය වන්නේ මේ වැඩපිළිවෙළට අනුවය. ඒ අනුව දැනට තිබෙන තත්ත්වය මත කුමන රජයක් කවර කාලයක බලයට පත් වුව ද 2027 වන තෙක් අපිට ජාත්‍යන්තර වෙළෙඳපොළට යාමට නොහැකිය. එසේ ගොස් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ණයට මුදල් ඉල්ලීමට ද නොහැකිය. 2027 වන විට මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළහොත් 2027 දී අපේ දළ විදේශ වත්කම් ප්‍රමාණය අෙමරිකානු ඩොලර් බිලියන 14 ට වැඩි වේ යැයි උපකල්පනය කළ හැකිවෙයි. එවිට අපිට ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගොස් අෙමරිකානු ඩොලර් බිලියන 1,500ක් ගත හැකි වෙයි. පහත දැක්වෙන සංඛ්‍යා සටහන විචක්ෂණශීලිව පරීක්ෂා කළහොත් ඇතිවන හිඟය කෙතෙක් ද, විදේශ සම්පත් හිඟය පියවා ගැනීමට ජාත්‍යන්තරය එකඟ වී ඇත්තේ කොයි ආකාරයෙන් ද යන්න පැහැදිලි වෙයි.
උදාහරණයක් ලෙස 2027 වර්ෂයේදී විදේශ සම්පත් හිඟය වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 3,911 කි. 2027 වර්ෂයේදී අමෙරිකානු ඩොලර් මිලියන 3,911 පියවා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 329 ක් ලැබෙයි. ඒ වර්ෂයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අය වැය මූල්‍යකරණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් ලැබෙයි. ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් ලැබෙයි. ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 300 ක් හිමි වෙයි. වෙනත් ණය නැත. ණය සහනය අමෙරිකානු ඩොලර් මිලියන 1, 482 කි. මේ අවස්ථාවේ ස්වෛරීත්ව බැඳුම්කර හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,500 ක් ගත හැකි වෙයි.
2027 වසරේ සිට මේ ගනුදෙනුවට අදාළ වැඩසටහන ගෙනියනවා ද, නැද්ද යන්න ලෝකයාට පැවැසිය යුත්තේ විපක්ෂ නායකවරයාය. එසේත් නැතිනම් අනිකුත් පක්ෂ නායකවරුය. පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ඊට එකඟ ද නැද්ද යන්න පැවැසිය යුතුය. එසේ නොමැතිව වචන හරඹයන් සිදු කර පාර්ලිමේන්තුව තුළ කෑ කෝ ගැසීම් සිදු කළාට වැඩක් නැත. කවර ආණ්ඩු බලයට ආවත්, ආණ්ඩු වෙනස් වුවත් මේ වැඩ සටහන පිළිගන්නේ ද නැද්ද යන්න ප්‍රසිද්ධියේ පැවසිය යුතු වෙයි. මන්ද කවර ආණ්ඩුවක් වුවද යා යුත්තේ මේ ගමන් මඟේම පමණි. යමෙක් මෙයින් බැහැර වන්නේ නම් ඔවුන්ට සති දෙකක් හෝ ආණ්ඩු කරන්නට හැකි වන්නේ නැත.
මේ සංඛ්‍යා ලේඛන පිළිබඳව ආණ්ඩුවේ හා විපක්ෂයේ බොහෝදෙනා දන්නේ නැත. අප ඉදිරියට යා යුත්තේ මේ සාදාගත් වැඩ පිළිවෙළේය. එහි නොයන්නේ නම් රටේ ඉතිරි කොටසත් කඩා වැටී තෙල්, ගෑස්, විදුලිය නොමැතිව රට අකර්මණ්‍ය වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වනු ඇත.
මෙවර අය වැය විවාදයේ යම් යම් සිදුවීම් උකහා ගනිමින් විකාරරූපී කතා නොකියා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යෝජිත වැඩපිළිවෙළට එකඟ ද නැද්ද යන්න සියලු දෙනා සංඛ්‍යා දත්ත සහිතව පැවැසීමට තරම් අවංක විය යුතුය.