Home » HATCH වෙතින් දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රය දිරි ගැන්වීමට පියවරක්

HATCH වෙතින් දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රය දිරි ගැන්වීමට පියවරක්

by gayan
December 2, 2023 1:00 am 0 comment

HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්‍රය ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි නව නිපැයුම් වැඩසටහනක් නොබෝදා ක්‍රියාත්මක කරනු ලැබිණී.

මෙම වැඩසටහන යටතේ පෝෂණය, පරිසර හිතකාමී ඇසුරුම්, පරිසර හිතකාමී උපකරණ / අංගෝපාංග යන කෘෂි නව නිපැයුම් හා සබැඳි අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබූ අතර දිවයින පුරා විවිධ ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් අයදුම්පත් 200ක් පමණ මෙම වැඩසටහන වෙත ලැබී තිබුණි. ඒ අතරින් තෝරාගත් අයදුම්කරුවන් 20ක් සඳහා තවදුරටත් තරග අදියරක් පැවැත්වීමෙන් අනතුරුව අවසන් වටයට ව්‍යවසායකයින් 10 දෙනෙක් තෝරාගනු ලැබීය.

මෙම ව්‍යවසායකයින් 10 දෙනා තුන් මසක් දීර්ඝ වූ පරිපුර්ණ ව්‍යවසායකත්ව වැඩසටහනක් වෙත යොමු කෙරුණු අතර එහි අවසන් ප්‍රතිඵලයක් ලෙස ඉතා කාර්යක්ෂම සහ සිත්ගන්නාසුළු වූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් එළිදැක්වීමට ඔවුන් සමත් විය. මේ වැඩසටහන වෙත මූල්‍යමය දායකත්වය දක්වමින් සහයෝගය ලබා දුන්නේ යුරෝපා සංගමය සහ ආර්ථික සහයෝගිතාව සඳහා වන ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division