1.2K
HNB FINANCE PLC හි වත්තල ශාඛාව පසුගියදා කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල, අංක 420 යන ලිපිනය යටතේ නව නිවහනකට ගෙන යනු ලැබීය. සේවා දීපව්‍යාප්තව පවත්වා ගනිමින් තම පාරිභෝගිකයින් වෙත වැඩි පහසුකම් සහිතව මූල්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් එම ශාඛාව නව ස්ථාන වෙත රැගෙන යෑම සිදු විය. මෙම අවස්ථාව සඳහා එහි කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි චමින්ද ප්‍රභාත් සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි මදුරංග හීන්කෙන්ද ඇතුළුව සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ.
HNB FINANCE වත්තල ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.