798
Aitken Spence සහ Mercantile Merchant බැංකුව අතර පවතින හවුල් ව්‍යාපාරයක් වන MMBL මුදල් හුවමාරු සේවාව, Western Union සමඟින් එක්ව, සිය 3000 වැනි ගෙවීම් කවුන්ටරය පසුගිය දා කොළඹ 06 වැල්ලවත්ත දී විවෘත කළේය.
මෙම අවස්ථාවට Western Union සමාගමේ මැදපෙරදිග සහ ආසියානු පැසිපික් කලාපීය සභාපති ජීන් ක්ලෝඩ් ෆාරා, සමාගමේ ආසියානු පැසිපික් කලාපීය ප්‍රධානී සෝහිනි රජෝලා, Western Union සමාගමේ ඉන්දියානු සහ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂවරයා ද වන ගෞරව් යාදවා MMBL මුදල් හුවමාරු සේවා (පුද්ගලික) සමාගමේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ඇතුළු අමුත්තන් රැසක් සහභාගි විය.