
නෙඕමාල් ප්‍රනාන්දු පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකි. කඳුළක අපේක්ෂා නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබූ ඔහු මේ වනවිට ‘දඩ-ඉම‘ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙයි. වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ ‘දඩයම‘ අපේ රටේ සිනමා ඉතිහාසයේ අමරණීය නමක් හිමිකරගත් නිර්මාණයකි. වෛද්‍ය නෙඕමාල් නිර්මාණය කිරීමට සූදානම් වන්නේ දඩයම චිත්‍රපට කතාවේ දෙවැනි කොටසයි. මේ දිනවල එහි රූගත කිරීම් සිදුවන අතර මේ ‘දඩ ඉම‘ පිළිබඳව ඔහු සමඟ කළ කතාබහයි.
වෛද්‍යවරයකු වූ ඔබට කොහොමද මේ සංකල්පය ආවේ
ස්වර්ණා මල්ලවාරච්චි මට වසර දෙකක පමණ සිට කියන දෙයක් තමයි හොඳ චිත්‍රපටයක් හදන්න කියන එක. මම කැමැති නැහැ කොපි කරන්න. මම මගේම නිර්මාණයක් විය යුතුයි කිය කියා හිටියේ. 2017 රාජ්‍ය සම්මාන උලෙළට මම ගියා. එතැනදි ස්වර්ණාට විශේෂ ජීවිත කාලයට එක් වරක් පමණක් ලැබෙන සම්මානයක් ලැබුණා.
ඒක පටන් ගන්න කොට එක හඬ පටයක් වාදනය වුණා. ඒක කාර් එකක සද්දයක්. ඒ වෙලාවේ ඒ නිවේදක දෙපළ ඇහුවා මේ හඬ පටය හඳුන්නන පුළුවන්ද කියලා ඇහුවා. මම එතැන සිටි ප්‍රේක්ෂකාගාරය දිහා බැලුවාම දැක්කේ හැම කෙනාම හෙමිහිට කියනවා මේක ‘දඩයම‘ චිත්‍රපටය කියලා. එතැනදී මට පුදුම හිතුණා මේ පසුබිමින් ඇහෙන කාර් එකක සද්දයකට පුළුවන්ද මිනිහෙකුගේ අතීත මතකය අවදි කරන්න කියලා.
ඕක මගේ හිතේ වැඩ කරන ගමන් උලෙළ අවසානයේ මම ස්වර්ණාට සුබ පතන ගමන් ‘ස්වර්ණා මේක දිගටම කරගෙන යන්න ඕන කියලා කිව්වා. ඒ වෙලාවේ ඇය කිව්වේ මම ආයෙ රඟපානවනම් රඟපාන්නේ ඩොක්ට අධ්‍යක්ෂණය කළොත් විතරයි කියලා. මම හිනාවෙලා කිව්වා අපි එහෙනම් ''දඩයම 2'' කරමු කියලා.
ඕක මගේ හිතේ වැඩ කර කර තිබිුණා. මම වැඩ ඉවරවෙලා ගෙදර යන ගමන් වාහනයේදී මම වෙනත් දේවල් හිතනවා. එදා කරපු ඔපරේෂන් එකක් ගැන හරි, ලෙඩෙක්ගේ අමාරු තත්ත්වයකට කරන ප්‍රතිකාරයක් ගැන හරි, එදා දවසේ කරන්න පුළුවන් අලුත් දෙයක් හරි ගැන හිතනවා.
සතියකට විතර පස්සේ මම මගේ බිරියට කිව්වා නිකී මගේ ඔළුවේ වැඩ කරන දෙයක් තියෙනවා. මේක කතාව මේ විදිහටයි යන්නේ කියලා. එයා කතාව අහලා කිව්වා කතාව හොඳයි ඔයා ලියන්න පටන් ගන්න කියලා. ඒ විදිහට තමයි මේ කතාව මගේ අතින් ලියැවුණේ. මෙහි අරමුණු දෙකක් තිබුණා. එකක් මම හොඳ චිත්‍රපටයක් කිරීම. දෙක ස්වර්ණා මල්ලවාරච්චි මේ චිත්‍රපටයට ගැනීම.
මේ පිටපත ලිවීම පිළිබඳවත් කතාවක් තිබෙනවා.
ඔව්. මට මේ පිටපත ලියන්න අවුරුද්දක් විතර ගියා. ඒකට හේතුව දහ පාරක් විතර ලියන්න වුණා. මේ පිටපත් දහයම මමමයි ටයිප් කළේ. ඒකට මම සිංහල ටයිපින් ඉගෙන ගත්තා. ඊට පස්සෙ තමයි මම ස්වර්ණාට මේ ගැන කිව්වේ. එයා බලලා ජැක්සන් ඇන්තනි බලලා අන්තිමේ මේක හොඳ කතාවක්, මීට ඉස්සර ලංකාවේ මෙහෙම එකක් කරලා නැහැ, ඒ නිසා මෙය චිත්‍රපටයකට සුදුසුයි කියලා තීරණය කළා. ඒ අනුව තමයි මෙය නිර්මාණය වන්නේ.
මේ කතාව ගලා යන්නේ 'දඩයම - 2' ලෙසද?
දඩයම චිත්‍රපටයට පාදක වන්නේ සත්‍ය කතාවක්. නමුත් එම සත්‍යකතාවේ ඇති සියලුම දේ දඩයම චිත්‍රපටයේ නැහැ. එහි යම් යම් වෙනස්කම් කරලා තිබෙනවා. ප්‍රධානම වෙනස්කම තමයි. දඩයම චිත්‍රපටයේ ජයනාත් කියන චරිතය මැරෙන්නේ නැහැ. එයා ජීවත්වෙනවා. මලී කියන කෙනා මියයනවා. නමුත් ඇත්ත කතාවේ එයා එල්ලුම් ගහට යනවා. ඒක වෙනම දෙයක්. නමුත් මේ කතාවේදී එයා ජීවත්වෙලා ඉන්නවා.
මගේ කතාවෙන් වෙන්නේ ඒ දඩයම චිත්‍රපටයේ ජීවත්වෙලා ඉන්න චරිත ටික අවුරුදු 35 කට පස්සේ කොහොමද හැසිරෙන්නේ කියන දේ. එතැනදී මම දිට්ඨ ධම්මවේදනීය කර්ම පලදීම කියන දේ පෙන්වා දෙනවා. වරදක් කළොත් ඒක අවුරුදු100ක් ගිහින් හරි පලදෙනවා කියන එක.
මෙහි රඟපාන නළු නිළියන් පිළිබඳව කතා කරමු
ජැක්සන් ඇන්තනී තමයි ජයනාත් ලෙසත්, ස්වර්ණා මල්ලවාරච්චි මියගිය රත්මලීගේ අක්කා ලෙසත්, අඛිල ධනුද්ධර ජයනාත්ගේ පුතා ලෙසත් ප්‍රධාන චරිත රඟපානවා. අලුතෙන් හඳුන්වාදෙන මරියොන් වෙත්තසිංහ, මහේන්ද්‍ර පෙරේරා, නයනා හෙට්ටිආරච්චි, දයා තෙන්නකෝන්, බින්දුහේවා සෙසු චරිත නිරූපණය කරනවා. මෙහි කැමරාව හසුරුවන්නේ රුවන් කොස්තා. වේශ නිරූපණය හර්ෂ මංජුල, සහාය අධ්‍යක්ෂණයෙන් චාමර සේනාර නිෂ්පාදන කළමනාකරණය සහ ඇඳුම් නිර්මාණය මගේ බිරිය නිශානි ප්‍රනාන්දු විසින් සිදුකරනවා.
ඔබ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස අතිශයින් කාර්යබහුල කෙනෙක්. කොහොමද මේ වගේ දැවැන්ත වැඩක් කරන්නෙ
මගේ වෘත්තීය සම්පූර්ණයෙන් වෙනස්. මම පිළිකා ශල්‍ය විශේෂඥ වරයෙක්. නමුත් විශේෂයෙන් කිව යුතුයි මේක විද්‍යාත්මක දෙයක් වුණාට මම විශ්වාස කරන්නේ එයත් කලාවක් ලෙසට. අපේ ශල්‍ය වෛද්‍ය විද්‍යා වේදි පිළිකාව සඳහා සැත්කම් කෙරුවාම ඒ කොටස් අයින් කරලා නැවත තිබුණු විදියටම නිර්මාණය කරන්න සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම පියයුරක් ඉවත් කරලා තිබුණු ආකාරයටම ප්‍රතිසංස්කරණය කිරිමේ සැත්කම කෙරුවෙත් මම.
ඒක කළේ 2002දි. එදා ඉඳන් අද වනවිට එවැනි සැත්කම් 1000කට වැඩිය සිදු කර තිබෙනවා. ඒකෙදි අපි කරන්නේ පියයුර ඉවත් කරලා තිබුණු විදියටම අඹන එක. ජීවමාන දෙයක් අඹනවා කියන්නේ වෙනත් මාධ්‍යයකින් කරනවාට වඩා ගොඩක් අමාරු කාර්යයක්. ඒ කලාවත් මේ කලාවත් අතර මට ලොකු වෙනසක් නැහැ.
නමුත් පොඩි කාලයේ සිට මට තිබුණු දෙයක් තමයි සාමාන්‍යයෙන් එක වැඩක නිරතවනවාට වඩා වැඩ තුන හතරක් එකට කරද්දී තමයි මගේ කාර්යක්ෂමතාව වැඩි. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. ඉතින් මම මේ දවස්වල මගේ සැත්කම් කරනවාට අමතරව චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. එතැනදී රෝගීන්ට කිසිම අවදානමක් නැති වෙන්නත් චිත්‍රපටයට හානියක් නොවෙන්නත් මම ඒ දෙකම සමබරව කරගෙන යෑමේ හැකියාව මට තිබෙනවා.
ඔබේ බිරිය ගැනත් කතා කළොත් ?
මගේ බිරියත් වෛද්‍යවරියක්. ඇගේ නම නිශානි ප්‍රනාන්දු. අපේ රටේ සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ ඇලරික් ලයනල් ප්‍රනාන්දු ඇගේ පියා. ඒ පවුලේ තිබෙන්නේ සමපූර්ණ කලාව. ඔවුන් නිරතුරුවම කතා බහ කරන්නේ චිත්‍රපට ගැනමයි. ඒ වගේම තාත්ති බලන්න එන අයත් කතා කරන්නේ චිත්‍රපට ගැනයි. මට සිනමා අධ්‍යක්ෂණය ගැන බොහෝ දේ කියලා දුන්නු කෙනෙක් තමයි ඔහු.
මම මගේ බිරියගේ දකින හොඳ දෙයක් තිබෙනවා. ඒක තමයි නිශානිට ලොකු හැකියාවක් තිබෙනවා මම කරන දෙයක් මට කරන්න පුළුවන්ද බැරිද කියලා කියන්න. එයා තමයි මට කිව්වේ මේක ඔයාට කරන්න පුළුවන් කියලා. එයා මගේ බිරිය වුණාට මම ඇය හඳුන්වන්නේ යකඩ ගැහැනියක් විදිහටයි.
ඇයට අමතරව ඔබේ නිර්මාණ දිවියට දිරියක් වුණේ කවුරුද?
ඇත්තටම මගේ අයන් ලේඩිට අමතරව ස්වර්ණා මල්ලවාරච්චි කියන ප්‍රවීණ නිළියගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
ස්වර්ණා මල්ලවාරච්චි ඔබට හමුවන්නේ කොහොමද?
ස්වර්ණා ඉස්සෙල්ලම හම්බවෙන්නේ මගේ බිරියට. ඇය පිළිකා රෝහලට ඇතුළත් වෙලා ඉන්න විට නිශානි මට කෝල් කරලා කිව්වා ස්වර්ණා පියයුරු පිළිකාවක් නිසා ඇඩ්මිට් වෙලා ඉන්නවා එයා හොඳටම අප්සෙට් වෙලා ඉන්නේ ඇවිත් පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් මම ගිහින් කතා කළා. අදත් ඇය කියන දෙයක් තමයි මම එදා ඇවිත් කියපු වචන පහ නිසා ඇගේ ජීවිතය වෙනස් වුණා කියලා.
මොකද එයා බලපු වෛද්‍යවරයෙක් කියලා තිබුණු දෙයක් නිසා ඒ වෙලාවේ හිටියේ අන්ත අසරණ වෙලා. මම ඇය සමඟ පැය බාගයක් විතර කතා කරලා ඇයට විශ්වාසය දුන්නා ශරීරය කිසිම විදියකින් විකෘති වෙන්නේ නැතුව සුව කරන්න පුළුවන් කියලා.
නමුත් මම ඔයාගෙන් එක ඉල්ලීමක් කරනවා. මම ඔයාව සුව කරනවා. ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ ලංකාවේ ජනතාවට ලැබුණු දායාදයක්. ඒක නැතිවෙන්න බැහැ. මම ඔයා ජීවත් කරවනවා හැබැයි ලංකාවේ ජනතාවට තව දුරටත් සිනමාවෙන් කරන්න පුළුවන් දේ කරන්න ඕන. එතකොට එයා දුන්නු උත්තරය තමයි මම නැවතත් සිනමාවට එන්නම්. කවුරු හරි කතා කළොත් සිනමාවට එන්න කියලා මම අනිවාර්යයෙන් චරිතයක් කරන්නම් කියලා.
මේ සිදුවීම වෙලා දැන් අවුරුදු 7ක් විතර ඇති. එදා සිට දැන් අපේ පවුලේ හිතවතියක්. අපි චිත්‍රපට, නාට්‍ය බලන්න යනවා. රාත්‍රී කෑමට යනවා. ඇය මට සිනමාවේ නොදන්න පැති මට කියලා දීලා සම්බන්ධතා හදලා දීලා ගොඩක් උදව් කරලා තිබෙනවා.
ඔබ නිර්මාණය කළ කෙටි චිත්‍රපටය ගැනත් විස්තර කරමු.
කෙටි චිත්‍රපටය හැදුවේ පිළිකා රෝගය සම්බන්ධයෙන්මයි. 2005 වසරේ දවසක අවුරුදු 29ක් විතර ඇති පියයුරු පිළිකාවක් තිබෙන තරුණ කාන්තාවක් එයාගේ පෙම්වතා සමඟ ආවා. කොළඹ තිබෙන පෞද්ගලික බැංකුවක ලොකු තනතුරක් දැරූ කෙනෙක්. මම ඇයට කිව්වා අපි සැත්කම කරලා බ්‍රෙස්ට් එක තිබුණු විදියට හදමු කියලා. පෙම්වතා සහ ඒ තරුණිය බය වෙලා හිටියේ.
සැත්කම කරලා අවසන් කළා. ඒ කාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු වෙලා තිබුණේ නැති නිසා අපට තන පුඩුව හදන්න බැහැ. දැන් අපි තන පුඩුවත් එක්කම හදනවා. කිසිම විදියකින් පියයුර නැහැ කියලා කියන්න බැරි විදියට හදනවා. දෙවෙනි සැත්කමට යන්න වෙනවා. ආයෙත් අවුරුදු ගණනකට පස්සේ ඇය තන පුඩුව හදා ගන්න ආවා. මට හඳුන ගන්නත් බැරුව ගියා ඒ තරමට ඒ පියයුර සාමාන්‍යයි. මම නිකමට ඇහුවා එයා බැන්දද කියලා.
එතකොට කිව්වා එදා පෙම්වතා පැනලා ගියා. දැන් එයා තේරුම්ගත් කෙනෙක් බඳින්න යන්නේ. එයාතමයි මට කව්වේ නිපල් එකත් හදා ගනිමු කියලා. මම මගේ කෙටි චිත්‍රපටයට තේමා කරගත්තේ මේ කතාව. පිළිකාව සම්බන්ධව හැදිලා තිබෙන ගොඩක් චිත්‍රපට මම දැකලා තිබෙනවා අවසන් වනනේ පිළිකාව ජය අරගෙන. මේ චිත්‍රපටයේ ඒ පිළිකාව තිබෙන කෙනා දිනනවා. කෙටි චිත්‍රපටයක් කිව්වාට විනාඩි 40ක් පුරා දිවෙනවා. දමිතා අබේරත්න, යට්ටෝවිට, සජානා, නීටා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, චාන්දනී හෙට්ටිආරච්චි මෙහි රඟපෑවා. මෙහි නම කඳුළක අපේක්ෂා. You Tube වල තිබෙනවා. ඉංග්‍රීසියෙන් ‘Fate of Tear‘