සිනමා සොම්නස සිංහල චිත්‍ර­පට උලෙළ සැප්තැ­ම්බර් 04-09 දක්වා | සිළුමිණ

සිනමා සොම්නස සිංහල චිත්‍ර­පට උලෙළ සැප්තැ­ම්බර් 04-09 දක්වා

පසු­ගිය මාස තුනක පමණ කාල පරි­ච්ඡේ­දය තුළ කොරෝ­නාව විසින් ජන­තා­ව­ගෙන් ඈත් කරන ලද සින­මාව යළි ඔවු­නට සමීප කිරීමේ වෑය­මක් වශ­යෙන් මෙතෙක් ප්‍රද­ර්ශ­නය නොක­රන ලද අලුත්ම සිංහල චිත්‍ර­පට 6 ක සිනමා උළෙ­ලක් පැවැ­ත්වී­මට සර­සවි සහ ස්කෝප් සිනමා සංකී­ර්ණය තීර­ණය කර තිබේ. සැප්තැ­ම්බර් මස 04 වෙනිදා සිට සැප්තැ­ම්බර් 09 දක්වා අග­නු­වර ලිබර්ටි සිනමා හලේ දී  මෙම සිනමා නිර්මාණ 06 ප්‍රද­ර්ශ­නය කෙරනු ඇත.

ඒ අනුව සැප්තැ­ම්බර් 04 ජයන්ත චන්ද්‍ර­සි­රිගේ “මිදුණු විශ්වය”, සැප්තැ­ම්බර් 05 ගිරි­රාජ් කෞශ­ල්‍යගේ “කතුරු මිතුරු”, සැප්: 06 චන්න පෙරේ­රාගේ “යුගත්‍රා”, සැප්: 07 මොහාන් නියාස්ගේ “ශ්‍රි වික්‍රම”, සැප්: 08 සුසි­රන්ද සිල්වාගේ මිස් ජෙනිස්”. සහ සැප්: 09 උද­ය­කාන්ත වර්ණ­සූ­රි­යගේ “ගින්දරි” යන චිත්‍ර­පට තිර ගත­වනු ඇත.

ස්කෝප් සිනමා පුද්ග­ලික සමා­ග­මෙහි අලෙ­වි­ක­රණ සහ නිෂ්පා­දක කළ­ම­නා­ක­රු­වන ජය­රත්න ගල­ගෙ­දර මහතා පව­සන්නේ මෙම චිත්‍ර­පට උළෙල සඳහා ඒ ඒ දින­වල ප්‍රද­ර්ශ­නය කෙරෙන චිත්‍ර­පට වල රංග­න­යෙහි යෙදෙන සිනමා නළු නිළි­යන් සියලු දෙනා ද එදින සහ­භාගි වන අතර ඔවුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඒ ඒ චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වෙන බවය. මේ නිසා ප්‍රේක්‍ෂක ජන­තා­වට ද ඔවුන් සමඟ අති සුඛෝ­ප­භෝගී සින­මා­හ­ලක් වන “ලිබර්ටි”හිදී මෙම චිත්‍ර­පට නැර­ඹීමේ දුර්ලභ අව­ස්ථා­වක් උදා­වන්නේ යයිද ගල­ගෙ­දර මහතා පව­සයි.

මෙම උළෙලේ පූර්ණ මාධ්‍ය අනු­ග්‍ර­හය දෙරණ මාධ්‍ය ජාලය විසිනි. මෙම චිත්‍ර­පට නිර්මාණ පිළි­බ­ඳව සහ නළු නිළි­යන් ඇතුළු සෙසු කලා ශිල්පීන් පිළි­බඳ සට­හ­නක් ද ජය­රත්න ගල­ගෙ­දර මහතා විසින් අප­වෙත යොමු­කර ඇති අතර, එම චිත්‍ර­පට පිළි­බඳ තොර­තුරු මෙයා­කා­රය. 

ඒ අනුව සැප්තැ­ම්බර් 04 වෙනිදා තිර­ග­ත­වන ජයන්ත චන්ද්‍ර­සි­රිගේ “මිදුණ විශ්වය” අප වෙත ඉදි­රි­පත් කරන්නේ මෙවැනි කතා පුව­තකි. 

රංග­නය ඉතා සියුම් මාන­සික විද්‍යා­වක් සේ සලකා ඒ ගැන ඉගැ­න්වීමේ යෙදෙන වරේණ්‍ය නැමැති ආචා­ර්ය­ව­ර­යාට තම පන්ති­ය­කදී සූමධ්‍යා නම් සුවි­ශේෂ ශිෂ්‍යා­වක හමු­වෙයි. අනෙක්  සිසු සිසු­වි­යන්ට වඩා ඇය තුළ වූ විශේ­ෂ­ත්වය වන්නේ රංගන අභ්‍යාස වලදී සම­හර විටක සිදු­විය හැකි මෝහ­නීය තත්ත්වය ඉක්මවා ගිය වෙනස්ම මාන­සික තල­ය­කට පිවි­සී­මට ඇයට හැකි­යා­වක් ඇති බැවිනි. චිත්‍ර­ප­ටයේ ගැටුම ආරම්භ වන්නේ මේ තත්ත්වය යටතේ අසා­මාන්‍ය කාල විප­රි­ව­ර්ත­න­ය­කට ගොදු­රු­වන සූමධ්‍යා, මීට දශක පහ­කට පෙර එම ඉර­ණ­මට ම මුහුණ දුන් රාජිණි නම් සුප්‍ර­කට සිනමා තාර­කා­වගේ  සංවේ­දන ප්‍රවා­හි­කාව බවට පත්වී­මත් සමඟ ය. ඒ අනුව 1964 වසරේ රාජිණි දැන් 2020 වසරේ ජීව­ත්වන සූම­ධ්‍යාව සිය මාධ්‍ය ලෙස යොදා ගනි­මින් ආචාර්ය වරේණ්‍ය වෙතින් රූපණ විද්‍යාව හදා­ර­න්නට පටන් ගනී.

සාර්ථක සිනමා නිළි­යක වුවද අසා­ර්ථක විවාහ දිවි­යක් ගෙවන රාජිණී වරේ­ණ්‍ය­ගෙන් අධ්‍යා­ප­න­යට අම­ත­රව ප්‍රේම­යද ප්‍රාර්ථනා කර­න්නීය. මෙය කාල දෙකක සහ යුග දෙකක ස්ත්‍රි පුරුෂ ප්‍රේම­යකි. නමුත් එයට මහත්ම බාධාව වන්නේ අප්‍ර­කා­ශි­තව වරේ­ණ්‍ය­යට ප්‍රේම­කළ සූම­ධ්‍යාට මේ ගැන සැළ­වි­මත් සම­ඟය. ඒ නිසා මෙය දෘශ්‍ය­මාන ප්‍රේමය සහ අදෘ­ශ්‍ය­මාන ප්‍රේමය අතර ගැටු­මක්ද වෙයි.

අව­සා­නයේ ඔව්හු තම ප්‍රේමය අර­භයා ගැට­ලු­වක් ඇති­ක­රනු ලැබුවේ දෛවය විසින් නොව කාලය විසින් බව වටහා ගනිති.

උද්දික ප්‍රේම­රත්න, උදාරි වර්ණ­කු­ල­සූ­රිය, බුද්ධික ජය­රත්න, සුලක්ෂී රණ­තුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, දමිතා අබේ­රත්න, වසන්ති විට්ටච්චි, උදිත ගුණ­රත්න, ගාමිණි ජය­ලත්, දිමුතු චින්තක, ඥණාංග ගුණ­ව­ර්ධන සහ ලක්‍ෂමි දම­යන්ති ඇතුලු තවත් නළු නිළි­යන් ගණ­නා­වක් රංඟ­න­යෙන් සහ­භාගි වෙති.

මෙහි කැමරා අධ්‍ය­ක්ෂ­ණය සහ සංස්ක­ර­ණය ප්‍රවීන් ජය­රත්න අතින් සිදු­වන අතර සංගීත අධ්‍ය­ක්ෂ­ණය නව­රත්න ගමගේ ගෙනි. පිය­රත්න අකු­ර­ම්බොඩ කලා අධ්‍ය­ක්ෂ­ණය කරයි. “මිදුණු විශ්වය” රුවන් ජය­සිං­හගේ නිෂ්පා­ද­න­යකි.

කතුරු මිතුරු

 ජන­ප්‍රිය සිනමා හා රූප­වා­හිනී රංගන ශිල්පි­යෙකු මෙන් ම ප්‍රකට චිත්‍ර­පට අධ්‍ය­ක්‍ෂ­ව­ර­යෙකු ද වන ගිරි­රාජ් කෞශල්‍ය මෙම චිත්‍ර­ප­ටය අධ්‍ය­ක්‍ෂ­ණය කර තිබේ. පාර­ම්ප­රි­කව පැවත එන බාබර් සාප්පු­වක් සහ ටේලර් සාප්පු­වක් පව­ත්වා­ගෙන එනු ලබන බාබර් කෙනෙකු සහ ටේලර් කෙනෙ­කුගේ දිවි පෙවෙත පද­නම් කර ගිනි­මින් ගොඩ නැඟුණු කතා පුව­තක් මෙයට  පද­නම් වී ඇත.

බාබර් සහ ටේලර්ගේ දුව සහ පුතා විශ්ව විද්‍යාල අධ්‍යා­ප­නය අව­සන් කර ගමට පැමි­ණෙන්නේ රැකියා විර­හි­ත­යින් ලෙසය. ඔවුන් උසස් රැකි­යා­වල නිර­ත­වනු දැකීම මෙම පවුල් දෙකෙ­හිම වැඩි­හි­ටි­යන්ගේ අභි­ප්‍රාය වුවත්, මොව්හු තම තමන්ගේ පිය­ව­රුන් කළ ව්‍යාපාර නවී­ක­ර­ණය කර පව­ත්වා­ගෙන යාමට කැප වෙති.

බාබර් සාප්පු­වට සහ ටේලර් සාප්පු­වට පැමි­ණෙන විවි­ධා­කාර ගනු­දෙ­නු­ක­රු­වන්ගේ චරිත මුල් කර ගනි­මින් මෙය හාස්‍යො­ත්පා­දක කර චිත්‍ර­ප­ට­යක් සේ ඉදි­රි­පත් කිරී­මට අධ්‍ය­ක්‍ෂ­ව­රයා කට­යුතු කර ඇත.

අප රටෙහි ටෙලි නාට්‍ය විස්ස­කට අධික ප්‍රමා­ණ­යක්ද, චිත්‍ර­පට හයක ප්‍රමා­ණ­යක් ද නිෂ්පා­දක කර ඇති අලං­කු­ලම ෆිල්ම්ස් හත්වන නිෂ්පා­ද­නය වන්නේ ගිරි­රාජ් කෞශල්‍ය අධ්‍ය­ක්‍ෂ­ණය කළ  “කතුරු මිතුරු” චිත්‍ර­ප­ට­යයි. “අලං­කු­ලම හෝල්ඩින්ස්” ආය­ත­නයේ අධි­ප­ති­ව­රයා වන බාසුරු සිරි­ව­ර්ධන මෙහි නිෂ්පා­ද­ක­ව­රයා වෙයි.

ජය­ලත් මනෝ­රත්න, මහේන්ද්‍ර පෙරේරා, සහ ජයනී සේනා­නා­යක ඇතුළු නළු නිළි­යන් පිරි­සක් මේ සඳහා රංග­න­යෙන් දාය­කවේ.  මෙහි කැම­රා­ක­ර­ණය රුවන් කොස්තා­ගෙනි. දෙවන කැම­රා­ක­ර­ණය තුසිත අනු­රා­ධ­ගෙනි. සංස්ක­ර­ණය අජිත් රාම­නා­ය­ක­ගෙන්ද, කලා අධ්‍ය­ක්‍ෂ­ණය මනෝජ් වික්‍ර­ම­සිං­හ­ගෙන්ද වන අතර සංගී­තය රෝහණ විර­සිං­හ­ගෙනි.

යුගාත්‍රා

 ජන­ප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පි­යෙකු වන චන්න පෙරේරා අධ්‍ය­ක්‍ෂ­ණය කළ “යුගාත්‍රා” පුන­රු­ත්ප­ත්තිය හා බැඳුණු කතා පුව­තක් අන්ත­ර්ග­තව ඇත්තකි.

තරු­ණ­යෙකු වීමෙන් අන­තු­රුව නිර­න්ත­ර­යෙන් එකම සිහි­න­යක් දැකීමේ අත් දැකී­ම­කට මුහුණ දී සිටින විසල් තමාගේ ළඟම හිත­ව­ති­යක වන අමායා හට ඒ බව පව­සයි. විසල්ට දැඩි ලෙස ඇළුම් කරන අමායා එම අද­හස සම­ච්ච­ල­යෙන් බැහැර කරයි. එහෙත් මෙම සිහි­නයේ දකින සුරූපී යුව­තිය කෙදි­නක හෝ තමාට මුණ ගැසී ඇති බව ඔහු විශ්වාස කරයි.

මේ අතර දිනක් යම්කිසි රාජ­කාරී කට­යු­ත්තක් සඳහා සිය ජීප් රථ­යෙන් කඳු­ක­ර­යට ගමන් ගන්නා විසල්ට කාර්මික දෝෂ­යක් හේතු­කොට ගෙන, සිය රථය මඟ නතර කර දමා රාත්‍රිය ගත කිරීම සඳහා කඳු මුදු­නක වූ හුදෙ­කලා බංග­ලා­වක රාත්‍රිය ගත කිරී­මට සිදු­වෙයි.

බංග­ලාවේ හිමි­කා­රිය වන මහලු කාන්තාව හොඳින් දැක පුරුදු අයෙකු මෙන් විසල්ට එහි නවා­තැන් ලබා­දෙන අතර, තමා සිහි­න­යෙන් දකින යුව­ති­යගේ ඡායා­රූප එහි තැනින් තැන තබා ඇති අයුරු දකියි. ඒ ගැන විම­සී­මේදී මහලු කාන්තාව පව­සන්නේ ඒ තම දිය­ණිය බවත්, ඇයද තමා සමඟ මෙම බංග­ලාවේ වාසය කරන බවත් ය. ඉන් අන­තු­රුව එම තරු­ණිය හමු­වන විසල් ඇය හා පෙමින් බැඳී ජීවි­තයේ සියලු කට­යුතු පසෙ­කලා එහිම නැව­ති­මට තීර­ණය කරයි.

මෙහි තිර රච­නය සහ අධ්‍ය­ක්‍ෂ­ණය චන්න පෙරේ­රා­ගෙන් වන අතර, ඉසුරු විජේ­සිංහ, ජානක එදි­රි­සූ­රිය ශ්‍රියානි සේනා­නා­යක, වසන්ත පෙරේරා සහ ආචාර්ය ජයන්ත ධර්ම­දාස මෙහි නිෂ්පා­ද­ක­වරු වෙති.

මාෂි සිරි­ව­ර්ධන, අසං­කිද සිල්වා, නදිකා ගුණ­සේ­කර, සනත් ගුණ­ති­ලක, ලක්ෂ­මන් මෙන්ඩිස් ඇතුළු නළු නිළි­යන් චරිත නිරූ­ප­ණය කරන මෙහි කැම­රාව බුද්ධික මංග­ල­ගෙන් වන අතර, සංගීත අධ්‍ය­ක්‍ෂ­ණය දිනේෂ් සුබ­සිං­හ­ගෙනි. අජිත් රාම­නා­යක සංස්ක­ර­ණ­යෙන් ද, ලෙස්ලි සිරි­ව­ර්ධන කලා අධ්‍ය­ක්‍ෂ­ණ­යෙන් ද සම්බන්ධ වෙති.

 

 ශ්‍රී වික්‍රම

    ක්‍රි: වර්ෂ 1739 දී සිට කන්ද උඩ­රට රාජ­ධා­නි­යට හිමි­කම් කියූ නාය­ක්කාර් වංශි­ක­යින්ට එරෙ­හිව උඩ­රට සිංහල ප්‍රභූන් සහ රද­ළ­යින් විසින් දියත් කරනු ලැබූ දේශ­පා­ලන කුම­න්ත්‍රණ පිළි­බඳ සිදු­වීම් පෙළක් මෙතු­ළින් ඉදි­රි­පත් වෙයි. 

ජන­ප්‍රිය නාය­ක්කාර් වංශික රජෙකු වූ ශ්‍රි වික්‍රම රාජ­සිං­හ­යන් ඇහැ­ළේ­පො­ලගේ දරු­ප­වුල කෲර ලෙස ඝාත­නය වන තැනට කට­යුතු සලස්වා ඉංග්‍රී­සීන් ලවා රජු බල­යෙන් පහ කර­වී­මත්, එතු­ළින් රදළ වංශි­ක­යින් මුදුන් පත්කර ගන්නට තැනූ අභි­ප්‍රා­ය­යන් ඉටු නොවූ ආකා­ර­යත් ශ්‍රි වික්‍රම චිත්‍ර­ප­ටය තුළි අන්ත­ර්ගත වේ. 

මොහාන් නියාස්ගේ අධ්‍ය­ක්‍ෂ­ණ­යෙන් ද, ගිහාන් ගොඩ­ක­න්දගේ නිෂ්පා­දන දාය­ක­ත්ව­යෙන් ද ඉදි­රි­පත් වන ශ්‍රි වික්‍රම අජිත් ධර්ම­සූ­රි­යගේ තිර රච­න­යකි. 

සජිත් වීර­ප්පෙ­රුම කැමරා අධ්‍ය­ක්‍ෂ­ණ­යෙන් ද අනුර බණ්ඩාර සංස්ක­ර­ණ­යෙන් ද, මෙම චිත්‍ර­ප­ටය සඳහා සහය වෙති. මෙහි සංගීත නිර්මා­ණය ෆර්හාන් ශාන් ගෙනි.

“ශ්‍රි වික්‍රම” චිත්‍ර­ප­ටය සඳහා ශ්‍රියන්ත මෙන්ඩිස්, අකිල ධනු­ද්ධර, චුලක්ෂ රණ­තුංග, ශ්‍යාම් ප්‍රනාන්දු, රෝෂාන් පිල­පි­ටිය, බුද්ධ­දාස විතා­නච්චි සහ පාලිත සිල්වා සමඟ තවත් ජන­ප්‍රිය නළු නළි­යන් රැසක් රංග­න­යෙන්  සහ­භාගී වෙති.

මිස් ජෙනිස්

සාර්ථක ටෙලි නිර්මාණ ගණ­නා­වක් රූප­වා­හි­නිය මාධ්‍ය­යට එකතු කළ දක්ෂ අධ්‍ය­ක්ෂ­ව­ර­යෙකු වන සුසි­රින් ද සිල්වා විසින් තිර රච­නය කොට අධ්‍ය­ක්ෂ­ණය කළ  “මිස් ජෙනිස්” චිත්‍ර­ප­ටය නව ආරක කතා පුව­තක් සහිත නිර්මා­ණ­යකි.

පරි­ග­ණක වෙළඳ ආය­ත­න­යක කළ­ම­නා­ක­රු­වෙකු ලෙස සේවය කළ ලියොන් නැමැති මධ්‍යම පන්ති­කයා තරුණ දරු­වන් දෙදෙ­නෙ­කුගේ පියකු වන අතර, ආය­ත­න­යට පරි­බා­හිර පුද්ග­ල­යෙකු වන තම මිතු­රෙකු සමඟ සිදු කරන වංචා­වක් නිසා රැකි­යා­වෙන් නෙර­පනු ලබයි. එසේ නෙර­පී­මෙන් නොන­ව­තින ආය­ත­නයේ කළ­ම­ණා­කා­රි­ත්වය මුහුණ පොත හරහා ඉතා දැඩි ලෙස පහර දෙමින් ඔහුට කිසි තැනක රැකි­යා­වක් ලබා­ගත නොහැකි තත්ත්ව­යට පත් කරයි.

මේ අව­ස්ථාවේ ඔහුට පිහිට වන මිතුරා දක්ෂ වේෂ නිරූ­පණ ශිල්පි­ණි­යක වන තම බිරිඳ ලවා මෙම ලියෙන් නැමැත්තා රූමත් ස්ත්‍රියක ලෙස වෙස්වලා ගැනී­මට සල­ස්වයි. සිනමා වෘතා­න්තය ගලා යන්නේ මෙසේ ස්ත්‍රියක් ලෙස වෙස්වලා ගැනීම හේතු කොට ගෙන, ලියොන් නැමැ­ත්තාට මුහුණ දෙන්නට සිදු­වන අනෙක විධ ගැටලු මුල්කර ගනි­මිනි.

දක්ෂ රංග­න­වේ­දි­යෙකු වූ අභා­ව­ප්‍රප්ත ජය­ලත් මනෝ­රත්න “මිස් ජෙනි්ස්” චිත්‍ර­ප­ටයේ ජෙනිස් නම් කාන්තාව ලෙස සුවි­ශේෂී රංග­න­යක යෙදෙන අතර, සෙසු චරිත නිරූ­පණ දුලීකා මාර­පන, රොෂාන් රණ­වන, උදාරි පෙරේරා, ජය­ලාල් රෝහණ, ගිරි­රාජ් කෞශල්‍ය, ඇන්ජිලෝ බාන්ස්, ඕෂධී හිමාෂා, මාධනී මල්වත්ත සහ කුමාර තිර­මා­දුර ඇතුළු නළු නිළි­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් සිදුවේ.

මෙම චිත්‍ර­ප­ටය සඳහා අයෙ­ෂ්මන්ත හෙට්ටි­ආ­රච්චි කැමරා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් ද, මේඝ කොළ­ඹගේ සංස්ක­ර­ණ­යෙන් ද, ලකී විජේ­ව­ර්ධන කලා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් ද, සම්බන්ධ වෙති.“මිස් ජෙනිස්” සංගීත අධ්‍ය­ක්ෂ­ණය ලක්ෂ්මන් විජේ­සේ­ක­ර­ගෙනි.

 ගින්දරි-3

  ජන­ප්‍රිය චිත්‍ර­පට අධ්‍යක්ෂ උද­ය­කාන්ත වර්ණ­සූ­රිය කතාව දෙබස් සහ තිර රච­නය ලියා අධ්‍ය­ක්ෂ­ණය කරන “ගින්දරී”-3 ඔහුගේ ම නිෂ්පා­ද­න­යක් ද වේ.  

මීට ප්‍රථම ඔහු විසින් ම නිර්මා­ණය කරන ලද “ගින්දරී-1 සහ ගින්දරී-2 යන චිත්‍ර­ප­ට­වල තුන්වන නිර්මා­ණය ලෙස එළි­ද­කින මෙහිදී බොහෝ දුරට රඟ­පානු ලබ­න්නේද එම නළු නිළි­යන්ම වේ. නමුත් මීට ප්‍රථම තිර­යට ආ “ගින්දරී” චිත්‍ර­පට වලට වඩා සුවි­ශේෂී සිදු­වීම් රැසක් ඇතු­ළත් මෙම චිත්‍ර­ප­ටය සඳහා මිනි­සුන් සහ යක්ෂ­යින් අතර මෙන් ම දෙවි­ව­රුන් සමඟ වූ  සටන් ද ඇතු­ළත්ය. නුෂ්‍ය වේෂ­යෙන් සිටින අම­නුෂ්‍ය ගැහැ­නි­යක වන ටිකි­රිද ඇය හා විවාහ වී සිටින මනු­ෂ්‍ය­යකු වන  බන්ටි ද නිසා ඔවු­නට උපන් පුත්‍රයා සුවි­ශේෂී හැකි­යා­වන් සහිත තැනැ­ත්තෙකු වෙයි. සියලු ගැටලු ඇර­ඹෙන්නේ  “සුපිරි” නම් මෙම දරුවා අම­නුෂ්‍ය ලෝක­යට රැගෙන යාමට පැමි­ණෙන යක්ෂ­ණි­යන් තිදෙ­නෙකු හේතු කොට ගෙනය.

පබෝධා සන්දී­පනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණ­කුල, ටිශෝන් වැන්හොෆ්, ශ්‍රිනාත් මද්දු­මගේ, සමන්ත පෙරේරා, තුලක්ෂි රණ­තුංග, ටීනා ෂනෙල්, චංචලා වර්ණ­සූ­රිය සහ තරින්දි ප්‍රනාන්දු ආදී නළු නිළි­යන් රැසක් මෙහි චරිත නිරූ­ප­ණය කරති.

කැමරා අධ්‍ය­ක්ෂ­ණය කේ.ඩී. දයා­නන්ද ගෙන් වන අතර, සංස්ක­ර­ණය හා ශබ්ද සැලැ­සුම් වලින් ප්‍රවීන් ජය­රත්න ද කලා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් අරුණ ඩයස් ද සම්බන්ධ වන මෙහි සංගී­තය ආනන්ද පෙරේ­රා­ගෙනි. 

 

Comments