
මෙදා සැරේ බොහිමියානු මෝස්තරයක්
ජනප්‍රිය ගායක ලහිරු පෙරේරා හැම වෙලේම වෙනසක් කරන ගායකයෙක් නේ.. රම්බරි වලින් පටන් ගත්ත වෙනස ලා සිංඤෝරේ වුණා. ඔන්න දැන් ආයෙමත් එයා වෙනස් කරගෙන. මේ සැරේ වෙනස් වෙලා තියෙන්නේ ලහිරු ගේ පෙණුම. මෙදා පාර බොහිමියානු මෝස්තරයකින් තමයි ලහිරු පෙනුම වෙනස් කරගෙන තියෙන්නෙ.
*********************
දික්කසාද වෙන්න බෑ වගේ
සුපිරි හොලිවුඩ් නළු නිළි යුවළක් වන ඇන්ජලීනා ජොලී බ්‍රැඩ් පිට් ගේ පවුල් ආරවුල් වලට කාලෙක ඉඳන් ලැබෙන්නේ ලොකු ප්‍රසිද්ධියක්. මෙදා පාර ආරවුලට හේතු වෙලා තියෙන්නේ ඇන්ජලීනා දරුවන්ට පීඩා කරනවා යැයි පිට් චෝදනා කිරීම නිසයි. ඇන්ජලීනා කියන්නේ දරුවන්ට පීඩා වෙන්නේ පිට් ගෙන් බවයි. කොහොම නමුත් දික්කසාදය ඉල්ලපු ඇන්ජලීනාම දැන් දික්කසාදය නොදී ඉන්න නොයෙක් හේතු කියනවා කියලයි ආරංචි.
**********************
නීතිය කඩ කළාට දඬුවම් දෙන්න
සුප්‍රකට ගායක ජස්ටින් බීබර් පසුගියදා ඔහුගේ බිරිය හෙයිලිත් සමඟ සාදයකට සහභාගී වුණා. හැබැයි මේ දෙන්න කිසිම ආරක්ෂිත පියවරක් අනුගමනය කරමින් නෙවෙයි මේ සාදයට එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නෙ අවම දුර, මුහුණු ආවරණ මුකුත් ඔවුන් භාවිතා කරල තිබුණේ නෑ. ඇමෙරිකානු මාධ්‍යවේදීන් මේ ගැන බීබර්ට චෝදනා එල්ල කර තිබුණා. ප්‍රේක්ෂකයන් ගොඩක් බලාගෙන ඉද්දි බීබර් මේ වගේ නීති කඩ කිරීම ගැන නීතිමය වශයෙන් බීබර්ට විරුද්ධව පියවර ගන්න කියල ඇමෙරිකානු මාධ්‍ය මගින් ඉල්ලීම් පවා කර තිබුණා.
******************
පුරන් කුඹුරු අස්වද්දන්න ඔබත් එන්න
හඬකැවීම් ශිල්පිනියක් වන චේතනා කැටගොඩ මේ දවස් වල සමාජ සත්කාරක වැඩකට එකතු වෙලා. ඒ තමයි, ලංකාවේ තියෙන පුරන් කුඹුරු අස්වද්දන්න ලංකාවේ ඉන්න Mr.Farmer ඇතුළු තරුණ පිරිසක් එක්ක එකතු වෙලා මාලඹේ අක්කර 12ක බිම් ප්‍රමාණයක් දේශීය සහලෙන් අස්වද්දන එක. චේතනා බොහොම ආසාවෙන් මේ වැඩේට හැම තරුණ තරුණියකටම එකතු වෙන්නත් ඇය ආරාධනා කළා.