රවීට එරෙහි බැඳුම්කර නඩුව කල් යයි | සිළුමිණ

රවීට එරෙහි බැඳුම්කර නඩුව කල් යයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි වංචාව පිළිබඳ  නඩුව කල් දැමීමට අද (11) තීරණය කර ඇත.
 
 එම නඩුව අද (11) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.
 
නමුත් රටේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙම නඩුව ලබන  ජුනි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.
 

Comments