ඔලිම්පික් යන ශ්‍රී ලංකා ස්ත්‍රීත්වය | සිළුමිණ

ඔලිම්පික් යන ශ්‍රී ලංකා ස්ත්‍රීත්වය

 

මැතිල්ඩා කාර්ල්සන්

ටෝකියෝ ඔලිම්පික් උලෙළ සංවිධානය කරනු ඇත්ද නැද්ද යන්න ගැන කියන්නට තවමත් කල් වැඩිය. කෙසේ නමුත් ඔලිම්පික් උලෙළ සංවිධානය වෙනුවෙන් ජපානය තවමත් සූදානම් වෙමින් සිටී. එය එසේ වන්නේ ඔලිම්පික් නොපවත්වා සිටින්නට ජපානයට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති හෙයිනි. ඒ මන්ද යත් ඔලිම්පික් තරගාවලියක සත්කාරකත්වය දිනා ගැනීමට ධනවත්, සංවිධාන ශක්තියෙන් බලවත් හා දක්ෂතාවයන්ගෙන් පොහොසත් රටවල් අතර කලක සිට පවතින්නේ බලවත් තරගයක් නිසාවෙනි. ජපානය ටෝකියෝ ඔලිම්පික් උලෙළ සංවිධානයට අවශ්‍ය කෝටාව දිනාගත්තේ දසකයකට ආසන්න කාලයකට පෙරදී වීමෙන් මේ බව සනාථ වෙයි.

කෙසේ නමුත් දැන් ඔලිම්පික් උලෙළ ජපානයට එපා යැයි උද්ඝෝෂණය කරන්නෝ ද නැතුවා නොවේ. එවැනි ජන නැඟිටීම්, කොවිඩ් වසංගතයේ උත්සන්න වීම් සමඟ වසරකින් කල් දැමුණු ඔලිම්පික් තරගාවලිය මෙම වසරේ හෝ සංවිධානය කරන්නේ ද නැද්ද යන්න ගැන කිසිවක් කියන්නට අප ට නොහැකි ය. එය තීරණය කරන්නට උත්සාහ ගන්නවා වෙනුවට තවමත් ලෝකය තුළ සිදුවන්නේ අසීරුතා මධ්‍යයේ හෝ ඒ වෙනුවෙන් සුදුස්සන් සූදානම් කරවීම ය.

මහා වසංගත, දුර්භික්ෂ, නියං මෙන්ම යුද්ධ ආදි සියලු දේ ඉදිරියේ ඔලිම්පික් තරගාවලියට අවශ්‍ය අවම සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට ක්‍රීඩකයන් උත්සාහ ගනිමින් සිටින්නේ එහෙයිනි. ශ්‍රී ලංකාවට ද එය වෙනස් කාරණයක් නොවේ. මේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට යන්නට සුදුසුකම් ලැබූ හා ලැබීමට ආසන්නයෙන් සිටින ක්‍රීඩකයන් ගැනය.

පෙරගමන යන මැතිල්ඩා

තුන් මස් බිලිඳියක ලෙස ස්වීඩනයට කැපකරු මාපියන් සමඟ යුරෝපයේ ගිය ඈ සුළඟක් මෙන් වසර කීපයකට පෙර පෙරදිගට ආවා ය. ඒ ආවේ මාපියන් දකින්නට මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ය. 'මම අශ්වාරෝහක ක්‍රීඩිකාවක්. යුරෝපයේ අශ්වාරෝහක ක්‍රීඩාව තුළින් මම දක්ෂතා දක්වනවා. ඒ ක්‍රීඩාවෙන් ඔලිම්පික් නියෝජනය කරන්න මම කැමතියි.' ඈ එහිදී තම සිතැඟි හෙළිදරව් කළා ය.

ඒ සඳහා සූදානම් යැයි ප්‍රකාශ කළ ද අසීරුතා සහිත ගමනක යන්නට ඇයට සිදුවිණි. ඒ ඇගේ ඔලිම්පික් කෝටාව ලබාගැනීම අරගලයක් බවට නිර්මාණය වීමය. ‘Lizzy Youngling’ නමැති මාධ්‍ය-වේදිනිය ලිපියක් ලියමින් කියා සිටියේ, ‘අශ්වාරෝහක ක්‍රීඩාව දෙස බලද්දී එහි නියැළෙන තරගකරුවන්ගේ නාම ලේඛනයේ ඉදිරියෙන්ම සිටින අශ්වාරෝහකයන් අතර ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ නෙදර්ලන්තය වැනි රටවල ක්‍රීඩ-කයන් අරුමැසි තොරතුරක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාව නියෝජනය කර-මින් අශ්වාරෝහක පිමි පනින්නට තරගකරුවකු ඉදිරිපත් වන්නේ යැයි කියන්නට දැන් හැකි ය. ඒ මැතිල්ඩා කාල්සන් ය.’ යනුවෙනි.

ඈ Longines Global Champions Tour සහ Global Champions League (GCL) team කණ්ඩායම් තරගාවලියේ නිත්‍ය සාමාජිකාවක වශයෙන් ඈ සුප්‍රකට ය. මෙම මාධ්‍යවේදිනිය මැතිල්ඩා හා සාකච්ඡා කර තිබුණේ ස්පාඤ්ඤයේ පැවැති තරගයක් අතරතුරදී ය. ඈ එහිදී තමන් ස්වීඩනයට සංක්‍රමණය වූ ආකාරය සහ කැපකරු මාපිය ක්‍රමය යටතේ මාපියන් හිමි කර ගත් අයුරු ගැන මාධ්‍යයට පවසා තිබුණා ය.

ස්වීඩනය තුළ තද පාට සමක් ඇති දැරිවියක් ලෙස හැමෝගේම අවධානයට විශේෂයෙන් ලක්වීම සාමාන්‍ය දෙයක් වුවද ඈ තනි කිරීමට ඇගේ කැපකරු මාපියන් කටයුතු නොකළ හෙයින්ම මැතිල්ඩා මානසික පෞරුෂයෙන් ඉදිරියට ආ බව පැහැ-දිලි ය. ඔලිම්පික් කෝටාව අහිමි වද්දී ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ඉදිරියේ නඩු ගොනු කරමින්, නැවතත් අභියාචනා සිදුකරමින් ඈ ගෙන යන ලද සටන අවසානයේ ජයග්‍රහණය කරා පැමිණෙන්නේ එකී පෞරුෂයේ ශක්තිමත්භාවය නිසාවෙනි.

“මම කුඩා සන්ධියේ සිට අශ්වයන්ට ආදරය කළා. ඒ නිසා අද මට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් නියෝජනය කරන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. පුංචි සන්ධියේ යුරෝපයේ විශේෂයෙන් ස්වීඩනයේ දරුවන් අශ්වයන් පදින්න, ඒ ක්‍රීඩාවේ නියැළෙන්න ආසායි. එහෙත් වයසින් වැඩෙත්ම ඔවුන්ගේ ඒ ආශාව වියැකිලා යනවා. ඒත් මගේ ඒ ආශාව බිංදුවකින් හෝ අඩු වුණේ නෑ. අද ඒ නිසා මට හැකිවෙලා තිබෙනවා ඔලිම්පික් දක්වා එන්න.’ ඈ කියන්නී ය.

‘හැබැයි මම මුලදී සිතුවේ නෑ ජාත්‍යන්තරයේ අශ්ව පිනුම් නිරූපණය කරන අශ්වාරෝහක ක්‍රීඩිකාවක් වෙන්න. නමුත් කාලයත් සමඟ ඒ සියල්ල වෙනස් වුණා.’ ඈ පවසා තිබේ.

මැතිල්ඩා දැන් 37 වියැති ය. යුරෝපයේ සුදු ජාතිකයන් අතර ඇගේ දෙනෙත්, බැල්ම, නිරූපණය ඇති කරන්නේ දැඩි අවධාරණයකි, කැපී පෙනෙන බවකි. ‘සෑම මොහොතකම මම අලුතින් ඉගෙන ගන්නවා. හෙට දවස අලුත් දවසක්, ඒක අලුත් පාඩමක්.’ ඈ තම ජීවිතයේ ආදර්ශ පාඨයක් වශයෙන් එය පවත්වාගෙන යන්නී ය.

‘ අවංකවම කියනවා නම් මට මුලදී ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වෙන්න කිසිම හැඟීමක් පහළ වුණේ නෑ. මොකද මට විශිෂ්ට, අපූරු මාපියන් යුවළක් සිටිනවා. ඒ වගේම ඉතාමත් හොඳ ළමා වියක් මා ගත කළා. ඒත් පසුව මම ශ්‍රී ලංකාවට ගියාම මගේ උපන් රට ගැන විශිෂ්ට හැඟීමක් ආවා. ඒක හරිම ලස්සනයි. එහෙදි මට හම්බවුණු මිනිස්සු මිත්‍රශීලියි. ඒ වගේම හුඟාක් උපකාර කරනවා. ඉතින් මට හිතුණා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියලා.’ ඈ ස්වීඩනයේ ජීවිතය ආරම්භ කර යුරෝපයේ ජීවන අත්දැකීම් ලබා ටෝකියෝවේ සිංහ ධජය යටතේ ලෝකයේ සුවිශාලම හා කීර්තිමත් තරගාවලියට ඉදිරිපත් වන්නට සූදානම් වන්නේ ඒ ආකාරයෙනි.

එය අසීරු ගමනකින් පසු අධි-කරණයට ගොස් දිනාගත් අවස්ථාවකි. කෙසේ නමුත් ඔලිම්පික් පවත්වන්නේ නම් අශ්වාරෝහක ක්‍රීඩාවේ ප්‍රදර්ශන පැනීම් කාණ්ඩය වෙනුවෙන් ශ්‍රී ලං-කාව නියෝජනය කරමින් මැතිල්ඩා කාල්සන් තරග වැදීමට නියමිත ය. එහෙයින් ඈ ඔලිම්පික් තරගාවලිය සඳහා මෙම අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව ය.

මිල්කා ගෙහානි

ඔලිම්පික් තරගාවලියට සුදුසුකම්

ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර දෙවැන්නිය වන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩි-කාවකි. එය තවමත් නිල වශයෙන්

ප්‍රකාශ කර නැතත් (ශ්‍රී ලංකා

ජිම්නාස්ටික් සංගමය පවසන ආකා-රයට) ආසියා, ඕෂනියා කලාපයෙන් රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා සුදුසුකම් ලැබීමට ආසන්නම ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මිල්කා ගෙහානි ය.

'ඒක තවම අපට නිල වශයෙන් ප්‍රකාශ කරන්න බෑ. මේ වන විට අපේ ක්‍රීඩිකාව ජපානයේ පුහුණුවීම්වල නියැළෙනවා. අපි හැමෝම විශ්වාස කරන්නේ ඇය ඔලිම්පික් නියෝජනය කරන්න සුදුසුකම් ලබාවි කියලා.' මේ සම්බන්ධයෙන් 'ක්‍රීඩා' හා අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා පැවසුවේය.

'දැනට ආසියාවේ ඉදිරියෙන්ම සිටිමින් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගන්න ඉන්න ක්‍රීඩිකාව තමයි මිල්කා. අපි විශ්වාස කරනවා ඇය අවසන් තීරණ ගන්නා විටත් තමන්ගේ ස්ථානය තහවුරු කරගෙන ඉඳීවි කියලා.

ඇගේ ජයග්‍රහණ අතර 2011 වසරේ දී කනිෂ්ඨ ජාතික ජිම්නාස්ටික් ශූරිය බවට පත්ව ඇති අතර, ජාතික ශූරිය වශයෙන් ද දෙවතාවක් සම්මානය ලක්ව තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උලෙළේ සය වැනි ස්ථානයට පත්වන්නට ද ඇයට 2016 වසරේ දී අවස්ථාව හිමිව තිබීම කැපී පෙනෙයි. එය ලෝක තලයේ ශ්‍රී ලංකාව ලැබූ කැපී පෙනෙන ජිම්නාස්ටික් ජය-ග්‍රහණයකි. මිල්කා මෙයට පෙර 2018 වසරේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කළ ක්‍රීඩිකාවකි.

කසුන් ඉරුගල්බණ්ඩාර

 

Comments