ගංගා 4ක් පිටාර ගලයි ජීවිත තුනක් බිලිගනී | සිළුමිණ

ගංගා 4ක් පිටාර ගලයි ජීවිත තුනක් බිලිගනී

මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16කට නාය යාමේ රතු නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත්කර තිබේ. එමෙන්ම තවත් ප්‍රාදේශීය බලප්‍රදේශ 12කට නාය යාමේ පූර්ව අනතුරු නිවේදනද දන්වා ඇත.

කළු, කැලණි, නිල්වලා සහ ගිං යන ගංගා අත්තනගලු ඔය සහ මා ඔය ද ඉකුත් සිකුරාදා පිටාර ගැලු අතර ඒ දෙපස ජනතාව ඉදිරි දිනවලද ජල මට්ටම පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්, ඉන්ජිනේරු නිහාල් සිරිවර්ධන පැවැසීය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙළුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාත් නාය යාමේ රතු නිවේදන නිකුත් කර ඇත. ඒ සමඟම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, දොඩන්ගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් රතු නිවේදන නිකුත්කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවකද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර ඇත. ගංවතුර නිසා සිකුරාදා සවස වන විට තිදෙනෙක් මරුමුවට පත් වී ඇත.

 

Comments