ලබන සතියේ සිට කොවිඩ් රෝගීන්ට නිවෙ­සේ­දීම ප්‍රති­කාර | Page 2 | සිළුමිණ

ලබන සතියේ සිට කොවිඩ් රෝගීන්ට නිවෙ­සේ­දීම ප්‍රති­කාර

රෝගී ලක්ෂණ නොපෙන්වන කොවිඩ් අසාදිත රෝගීන් හට නිවසේ සිටම ප්‍රතිකාර ලබාදීම ඉදිරි සතියේදී ආරම්භ කිරීමට සැලැසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා සිළුමිණට කීය. ඒ අනුව නිවෙසේ සිට ප්‍රතිකාර ලබාදීමට නියමිත නිධන්ගත රෝගවලින් තොර වයස අවුරුදු 60ට අඩු රෝගීන්ගේ දෛනික වාර්තාවක් ලබාගැනීමට ද රෝගියාට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්ද ඇරැඹීමට නියමිත බව ලේකම්වරයා තවදුරටත් පැවැසීය. කිසියම් රෝගියකු ලකුණු 5කට වඩා ලබා ගතහොත් නිවෙසින් රෝහල කරා රැගෙන යාමට කටයුතු යෙදීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක වන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

Comments