සරුං­ග­ලය තිදෙ­නෙ­කුට මරු කැඳවයි | සිළුමිණ

සරුං­ග­ලය තිදෙ­නෙ­කුට මරු කැඳවයි

ගාල්ල මකුළුව ප්‍රදේශයේ ඉදිකරමින් තිබෙන තෙමහල් නිවසක උඩතට්ටුවේ සිට සරුංගල් යවමින් සිටියදි ඉන් ඇදවැටුණු තිදෙනෙකු ඉකුත් සිකුරාදා පස්වරුවේදී මියගොස් තිබේ.

මියගිය තිදෙනා අතර 41 හැවිරිදි පියා සහ ඔහුගේ වයස අවුරුදු එකහමාරක් වන පුතුද වේ. ඉදිකෙරෙමින් තිබූ එම නිවෙසේ තෙවන මහලේ සිට සරුංගල් යවා ඇති අතර තට්ටුවට ගොඩවන පඩි පේළිය සෙවිලි තහඩුවකින් ආවරණය කර තිබූ අතර එය කඩා වැටීමෙන් මොවුන් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.

Comments