රොසෙල් අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට නව අධ්‍ය­ක්ෂ­ව­රුන් දෙදෙ­නෙක් | සිළුමිණ

රොසෙල් අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට නව අධ්‍ය­ක්ෂ­ව­රුන් දෙදෙ­නෙක්

මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු බාත්වෙයා නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී විසින් සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව අධ්‍යක්ෂකවරුන් ලෙස සංජීව රේණුක ජයවීර සහ ජිතේන්ද්‍ර ආර් ගුණරත්න පත් කළ බව නිවේදනය කරන ලදී.

ජිතේන්ද්‍ර ආර් ගුණරත්න වසර 40කට අධික කාලයක් JKH සමූහයේ සාර්ථක ලෙස නායකත්වය දැරූ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු 2005 සිට 2020 වර්ෂය දක්වා JKH සමූහයේ සමූහ විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද, 2016-2018 කාල සීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙසද, Beverage Association of Sri Lanka හි ආරම්භක සභාපති (2012-2018) ලෙස ද, 2018-2020 කාලය තුළ ලංකා සේව්‍ය සම්මේලනයේ හෝටල් සහ සංචාරක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද, JKH සමූහයේ සමාගම් කිහිපයක ද අධ්‍යක්ෂක තනතුරු කිහිපයක් දරමින් ක්‍රියා කර ඇත.

සංජීව රේණුක ජයවීර ද රොසෙල් හා සම්බන්ධ වීමට පෙර ෙජ්‍යෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයකම ක්‍රියා කර ඇත. JKH සමූහයේ මෙන්ම ප්‍රධාන පෙලේ සමාගම් කිහිපයක දශක දෙකකට අධික කාලයක අත්දැකීම් ඔහු සතුය. උසස් සදාචාරාත්මක ප්‍රමිතීන් හා අඛණ්ඩතාව පිළිපැදීම සම්බන්ධයෙන් ඔහු ප්‍රවීණ වන අතර ඔහුට මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය, හෝටල් කළමනාකරණය, නිෂ්පාදන හා විගණන යන ක්ෂේත්‍රවල වසර ගණනාවක විශේෂඥ දැනුම ද හිමිය. 1996 වර්ෂයේ දී මාලදිවයින් හෝටල් අංශය වෙත, JKH සමූහය ව්‍යාප්ත කරන ලද මූලික කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම, 2012-2013 කාල සීමාව තුළ Keels සුපිරි වෙළඳසැල් ජාලයේ සහ 2015-2017 කාල සීමාව තුළ Ceylon Cold Stores PLC හි ඉහළ වර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අයෙකි.

Comments