සංචරණ සීමා අත්‍යවශ්‍යයි | සිළුමිණ

සංචරණ සීමා අත්‍යවශ්‍යයි

සංචරණ සීමා පනවා රෝග පාලනය කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. මේ සම්බන්ධව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා සහ ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සිළුමිණට පැවසුවේ සංචරණ සීමා නොපනවා කොවිඩ් රෝගය පාලනය කළ නොහැකි බවයි.

මේ වන විට වාර්තාවන රෝගීන්ගේ වැඩිවීමක් මෙන්ම කොවිඩ් 19 වයිරසයද විවිධ ප්‍රභේදයන්ගෙන් පැතිර යන නිසා එය සමාජ ව්‍යාප්තියක් වීමට පෙර මර්දනය කිරීමට සංචරණ සීමා දීර්ඝ කිරීම කාලෝචිතම බව ඔවුහු පෙන්වා දෙති.

 

Comments